"අනේ ඔය වෑන් එක එන්නෙ කීයටද?"
අනගි ඇහුවේ මෙතුකලාගෙ ගෙදර ඉන්න සිරියස්ට කවන ගමන්,
සිරියස් කියන්නෙ ලැබ්‍රිඩෝ වර්ගෙ බල්ලෙක්, මෙතුකගෙ 16වෙනි උපන්දිනේට එයාගෙ අක්කගෙන් හම්බුණ බල්ල තමා ඒ,,අද කට්ටියගෙම ලැස්තිය නුවර එළියෙ යන්න.. එයාල යන්න හදන්නෙ තිනදි අක්කා යලුවෙලා ඉන්නව කියපු නුවනිදු අයියගේ වෑන් එකේ..වෑනෙක එනකම් කට්ටියම මෙතුකලාගෙ ගෙදරට වෙලා ඉන්න මොහොත මේක.
."අන්න ආදා මල්ලි ඔය බෑග් එක දන්න ඩිකි එකට" තිනදි කිව්වා..
"අනේ මගෙ අක්කෙ ඔයා එන එක නිසානෙ මටත් ගෙදරින් අවසර දූන්නේ,, අනේ මන් ඔයාට ආදරේයි" අනගි ඇවිත් තිනදිව බදාගත්තා..
කට්ටියම වෑන් එකට නැග්ගා.. 12 දෙනෙකුට සෑපේ යන්න පුලුව වාහනේ අපි යන්නෙ 8 දෙනයි... ඒ නිසා අපිට සතුටුයි.. ඩ්‍රයිවින් සීට් එකෙ නුවිනුදු අයියා ඉදගත්තා..පැසෙන්ජර් ශීට් එකේ තිනදි අක්කා. ඊලග එකෙ ඉෂිත් එක්ක අනගි.. ඊට පස්සෙහයින් රසෝල් එක්ක සදැස් , අන්තිම එකෙ නෙතූක් එක්ක මිතුක ඉදගත්තා..'නූවි.. මල්ලි එක්කන් ආවෙ නැත්තෙ ඇයි?" තිනදි අක්ක ඇහුවා.
." එන්න බෑලු නෙ.. මන් කිව්වා මිතුකයි එයාලගෙ යලූවෝත් එනවා කියල.. ඊට පස්සෙ කීවා අප්පෝ එහෙනම් නොයෙන එකමයි හොද කියලා''
මල්ලි ඔයා ඒ මල්ලි එක්ක තරහද?" තිනදි ඇහුවා
"අයියෝ අනේ මන් ඔය මල්ලිව දන්නෙ නෑනේ.. මොකක්ද අයියේ ඒ අයියගෙ නම?" මිතුක පස්සහ ඉදන් ඇහුවා
"කෙශාන්.."
"අර බයෝ වලින් ෆස්ට් වුණේ එයාද?" අනගි ඇහුවා
"ඔව් ඔව්"
ඉෂිත් හෙමින් සදැස්ගෙ මූණ බලන්න පස්සට හැරෙද්දි රසෝල් සදැස් දිහා කන්න වගෙ බලන් ඉන්නවා.. ඉෂිත් ආය හැරුණා,,
"මිතුකගෙ මස්සිනා ඒ බල්ලද? රසෝල් සදැස්ගෙන් ඇහුවා
"අමතක කරන්න රසෝල්..කිව්වනේ" සදැස් කිව්වා..
"උඹල සින්දුවක් වත් කියපන්" නුවිනුදු අයියගෙ අදහසක්...
"හරි පටන් ගමූ..." ඉෂිත් වොර දෙන්න පටන් ගත්තා
ŞİMDİ OKUDUĞUN
කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]
RomantizmBL : "මන් ඔයාට ආදරේ කරේ වෙන් වෙන්න නෙමේ.." "මන් ඔයාට ආදරේ කරේ මන් වෙනුවෙන් මැරෙනවා දකින්න නෙමේ". "මාව අතාරිනව ද?" "කවදාවත්ම නෑ.. ඒත්.." "ඒත්..?" Thashz_18 සම්මත සමාජයක, සම්මතයි කියන ආදර කතා ඇතුළත... ඇයි අසම්මත ආදරයක් 😣 මේක ශෝර්ට් ස්ටෝරියක් උපරිම 40...