2025 අගෝස්තු 12 උදෑසන 9:23
(Author pov)"මිතු... ලැස්ති නැද්ද..." නෙතුක් ගිරිය කඩන් කෑගැහුවා.. මේ දවස් වල නෙතුක් මිතුකගෙ ගෙදර නැවතිලා හිටියා.. අද කට්ටියම රසෝල්ලගෙ ගෙදර පාර්ටි එකක් දානවා.. විජිත අංකල් තමා ඉන්වයිට් කරේ. රිසාල්ට් ආපු එකේ සතුට සමරන්නයි කට්ටිය කැම්පස් යන එකටයි.. දෙකටම..
"මේ එනවා.. " මිතුක නෙතුක් ඉස්සරහ හිට ගත්තා..
"කොහොමද හැම්සම් නේ..?" මිතුක ඇහුවා.. නෙතුක් මිතුක දිහා බලන් හිටියා.. සුදු පාට කලිසමට, ලා නිල් පාට ඕවර් සයිස් ටී ශර් එකක් ඇදගෙන හිටපු මිතුක දිහා කන්න වගේ බලන් හිටපු නෙතුක්ට හිතුණෙ ලෝකෙ ලස්සනම කොල්ලා එයාගෙ කියල හිතවලා
නෙතුක් ඇදන් හිටපු ලා දුඹුරු පාට කලිසමට තද කොළ ශර්ට් එක මිතුකගෙන් මේ පාර එයාට හම්බුණ උපන්දින තෑග්ග.. මිතුක කියන්නෙ ෆැශනබල් චරිතයක්.. ලස්සන තේරිම් තියන කෙනෙක්..
"ඔයා කොහොමත් ලස්සනයි නේ.." නෙතුක් කිව්වා.."හාකෝ.. යන් යන්.. ආ මේක ගන්න.." මිතුක නෙතුක්ට හෙල්මට් එකක් දික් කරා.. නෙතුක් ඒක දාගන්න අතරතුර මිතුක එයාගෙ හෙල්මට් එක දාගත්තා.. මේ පලවෙනි වතාවට නෙතුක් මිතුකගෙ බයික් එකේ යන..
මිතුක යතුර අරන් බයික් එක ස්ටාර්ට් කරා..
KAMU SEDANG MEMBACA
කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]
RomansaBL : "මන් ඔයාට ආදරේ කරේ වෙන් වෙන්න නෙමේ.." "මන් ඔයාට ආදරේ කරේ මන් වෙනුවෙන් මැරෙනවා දකින්න නෙමේ". "මාව අතාරිනව ද?" "කවදාවත්ම නෑ.. ඒත්.." "ඒත්..?" Thashz_18 සම්මත සමාජයක, සම්මතයි කියන ආදර කතා ඇතුළත... ඇයි අසම්මත ආදරයක් 😣 මේක ශෝර්ට් ස්ටෝරියක් උපරිම 40...