එකොළොස්වන කතන්දරය...

28 2 0
                                    

කළුවර නුවරඑළි අහස වහගන්න ඉන්න මෙන්න.. ඈතින් අහසෙ පායන පුර හද දිහා බලන්න අපි ඇගිලි ගැන ගැන හිටියා... තනිකරම පිදුරු වලින් වහලා හදපු ස්ටේජ් එක ඉඩ තාමත් කට්ටිය මයික් සෙටින් කරනවා.. ග්‍රෙගරි වැවේ සද්දේ දෝන්කාර දෙනවාත් එක්ක.. සිතල හුලගක් අපිව පාස්කරනවා... තැනින් තැන එල්ලෙන කහපාට ෆෙයාරි බල්බ්ස්, පත්තු කරපු ඉටි පන්දම් මාර vibe එකක් දෙනවා.. ඒක vintage vibe එකක්.. පිච්ච මල් ගොතල හැම තැනම එල්ලලා තිබුණා... 🌼 මේ තැන හරි ලස්සනයී.එක පාරටම අර ලයිට්ස් නිමිලා.. ඉටිපන්දම් එළිය විතරක් ඉතිරි වුණා..

ආයුබෝවන්.....welcome to abhi live in consert

හෑමොගෙම අත්පුඩි සද්දෙ මදින් විශාරද අභිෂේකා විමලවීර ආවා... ස්ටේජ් එකට ඇවිත් අපි හැමෝටම ආයුබොවන් කියල මයික් එක ගාවට ගිය...

"නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න
දැකගන්න වේදෝ
තුන්යාමෙ මන් අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා"

අපි කවුරු කවුරුත් ආස සින්දුවකින් ඒක පටන් ගත්තා..හැමෝම බිම පැදුරුවල ඉදගෙන එක එක විදිහට.. තිනදි අක්කාගෙ කරට අතක් දාගෙන නුවිනුදු අයියා එයාව බදාගෙන හිටියා... ඉෂිත් අනගිව එයාගෙ ලගට කරගෙන අතින් අල්ලන් හිටියා... රසෝල් සදැස්ව එයාගෙ පිටට හේත්තු කරගත්තා.. මිතුක නෙතුක්ව උරහිසට හේත්තු කරගත්තා.. එයාල විතරක් නෙමෙ ගොඩක් අය එහෙමයි.. හැමෝම ආදරේ බෙදාගන්න ඇවිත් හිටියා...

"ආදරේ හිතෙනවද අහනවා
ඔව් මටත් ආදරේ හිතෙනවා
හාදු මට දැනෙනවද අහනවා
ඔව් මමත් උණුහුමක් හොයනවා
කිරි වරම් නෑ නේද අහනවා
කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා"

එ සින්දුව සදැස්ගේ ආසම සින්දුව.. ඇහෙනකොට එයාගෙ ඇස් වලින් ගලන කදුළු රසොල් එකින් එක පිහ දැම්මේ සදැස්ගෙ හිත රිදෙන්නෙ නැති වෙන්න...

යදින්නේ නෑ ප්‍රේමයක්
දැනෙන්නෙම නෑ පාළුවක්
බදා ගන්නට වාරු වෙන්නට
ඕනෙ නෑමයි උරහිසක්
එහෙම කීවට එකම පාරක්
ඕනෙ පපුවේ
ඉඩ ටිකක්!!

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin