සුවඳ මල් පිබිදෙන, සනීපවත් තරමටම හිරු එළියෙහි උණුසුම මහී තලය සිපගත් ඒ උදෑසන, හේමමාලිනි නම් පිබිදුනේ කිරිල්ලියක් තරම් ම නොඉවසිල්ලෙන් ඉපිලෙමින්. ඒ මුවෙහි විහිදී තිබුණේ කුරිරු සිනාවකි.
“අද නම් ඔයාට මගෙන් බේරෙන්න බෑ සුදු මහත්තයෝ!!”
ඇය කුරිරු සිනාවෙන්ම එලෙස මුමුණාගත්තේ සයනයෙහි අනෙක්පසින් නිදාසිටින ඔහු දෙස බලා සිටයි. ඉතිං අද රක්ෂිත් අනෙක් දවස්වලට වඩා පරක්කු වී බෲබෙරිය වෙතට යන දවසක් බව හේමමාලිනි දැන් නම් දන්නේ අත්දැකීමෙන් ය. පෙරදින පාන්දර නිවස වෙතට පැමිණී නිසාවෙන් ඔහු සිටියේ තද නින්දකය. හේමමාලිනි තම කුරිරු සිනාවෙන්ම තවම නිදා සිටින ඔහු වෙතට සංග්‍රහ කර, ඉක්මනින්ම ඇඳුමක් ද තෝරාගෙන නාන කාමරය වෙතට දිව ගියාය.
සුවඳ හමන පිච්ච මලක් තරමටම සුවඳවත් ව හේමමාලිනි කුටිය තුළට පැමිණියේ තද රෝස පැහැති තම දණිස් දක්වාම දිගු වූ කුර්තාවකින් සහ ඊටම ගැලපුණ කළු පැහැති සල්වාර් කලිසමකින් සැරසීයි. සයනය දෙසට බැල්මක් හෙළූ හේමමාලිනි තම යටි තොල සපාගත්තේ, ඔහු තවම ඇහැරෙන්නට සිතාවක් නොතිබූ නිසාවෙනි. සයනයෙහි පෙරළී හේමමාලිනි පෙරදී නිදාසිටී දෙසට අතක් මෙන්ම කකුලක් දැමූ රක්ෂිත් බෙර සුසුමක් එක්ක තවත් නිදන්නට වූවේය. හේමමාලිනිගේ දෙනෙත් බිත්තර මෙන් විසල් වූයේ ඒ නිසාවෙන් ය.
“ඕ ෂිට්!! මගේ ප්ලෑන් එක වරදියි ද මන්දා!! God! මේ මිනිහා!!! අපරාදේ මට තව ටිකක් නිදාගන්න තිබ්බේ.. එහෙනම් මමනේ ඔතන.. ඕ… ෂිට්!! මොනාද දෙයියනේ මේ හිතන්නේ? මට බෑ අප්පා මේක කරන්න…. මම යනවා යන්න මේ ඔක්කොම දාලා!! රක්ෂිත් තමුසේ මහ වදකාර මිනිහෙක්!! මම තමුසෙට පොඩ්ඩක්වත් ආස නෑ! මෝඩ මිනිහා!!”
හේමමාලිනි කටත් ඇදකරගෙන කැඩපත ඉදිරියට යන්නට වූවාය.
“මේ යකා මෙහෙම අද දවසම නිදාගන්නව ද දන්නෑ.. මදැයි උදේම ඇහැරිලා මම ලෑස්තිවුණා. හරියන්නෑ.. ඇහැරවලා ගන්න වෙනවා..”
හේමමාලිනිගේ මුවට නැවත වතාවක් පැමිණියේ දරුණු ගණයේ කුරිරු සිනාවකි. ඇය ඉක්මනින්ම තම දුරකතනය ගෙන, එලාමයක් තබන්නට වූයේ මිනිත්තු දෙකකට පසුව නාද වෙන ලෙසය. එමෙන්ම දුරකතනයෙහි හඬ ද උපරිමයට ම වැඩි කළ හේමමාලිනි කටකොනින් සිනාසී දුරකතනය තබන්නට වූයේ තම කොට්ටය යටිනි.
YOU ARE READING
Adare da? | ආදරේ ද? (Ongoing)
Romantikදැන්ම කියන්න, ආදරේ නම්. Start : [2024|06|01] Cover designed by @JINius_MooN