27

360 42 17
                                    

හාමුදුරු නම ගේ දේශනයෙන් පසු, අපට පන්සල් භූමියේ මද වේලාවක් සැරිසරන්නට අවසර ලැබිණී. විනෝද චාරිකාවේ අංගයක් ලෙසට පන්සලක් කරා ඒම ගැන මැසිවිලි නැඟූ බොහෝ දෙනා, අදහස් වෙනස් කරගත්තාක් මෙන්, ඒ පෞරාණික පුන්‍යභූමියේ ඇති අගනා කලාත්මක ගොඩනැඟිලි ආදිය නරඹන්නට වූයේ භක්තියෙනි.

දනූෂි වැසිකිළිය කරා ගිය නිසා, අසළ වූ රූස්ස ගසක් යට වාඩි වූ මම, ඉදිරියෙන් වූ ශෛලමය බුදු පිළිමයක් දෙස බලා හුන්නෙමි. 

එකවරම මා හා ඒ පිළිමය අතරට ඇවිද ආවේ, තිවංක හා අප්සරා ය. මට පිටු පා සිටි නිසා මා ඔවුන් දෙස බල හුන් බව ඔවුන් නොදන්නා බව මට වැටහිණි.

"බලන්නකො මේ බුදු පිළිමෙ හාරිම සාන්තයි නේද?"

අප්සරා, තිවංක ගේ අතින් අදිමින් බුදු පිළිමය දෙසට සන් කළාය.

කුඩා ගල් පුදසුනක් මත තනා තිබූ ඒ බුදු පිළිමය, සැබවින්ම අමුතුම සන්සුන් බවකින් යුතුවූ බව මට ද වැටහිණී. 

"කොච්චර ලස්සනයි ද නේද?"

අප්සරා දෑස් දල්වාගෙන ඒ ශෛලමය නිර්මාණය නරඹන්නීය.

"ඉස්සර කාලේ හදපු මේ වගේ බුදු පිළිම කොහොමත් ලස්සනයි." තිවංක කියනු මට ඇසෙයි. "... ඒ කාලේ කලාකාරයො ගොඩක් පේ වෙලා, වෙලාව අරගෙන, සන්සුන්ව තමා මේ දේවල් අඹල තියෙන්නෙ. දැන් කාලේ බුදු පිළිම ගොඩක් හදන්නෙ මහා පරිමාණ කර්මාන්තශාලා වල. ඉස්සර වගේ වුවමනාවෙන් එකින් එකට අවධානය දෙනව අඩුයි. මූර්ති කලාවට ම අපහාසයක්"

අප්සරා හිස කරකවා  ඔහු දෙස බැලුවාය.

"ඔයා මූර්ති කලාව ගැන උනන්දුයි කියල මං දැනන් උන්නෙ නෑනේ?"

තිවංක ආයාසයෙන් සිනහසුණේය. "ංආ, මම ගොඩක්ම ආසයි මූර්ති කලාවට. නිකන්ම මැටි ගොඩකින් හරි ගල් කැටයකින් නිර්මාණයක් අඹන එක මට හැමදාම උනන්දුවක් ගෙන ආපු දෙයක්. ඇයි මම අපි හම්බවුණ පළවෙනි දවසෙ කිව්වෙ?"

"කවුද අනේ ඕව මතක තියන් ඉන්නෙ?" අප්සරා නොසැලකිල්ලෙන් හිස වැනුවාය. "ඔයාට මතකද මම වැඩියෙන්ම ආසයි කිව්වෙ මොනාවද කියල... නෑනෙ?"

තිවංක මදක් නිහඬව සිට, ඔහුගේ හඬ අවදි කළේය. "අනූව දශකයෙ ඉන්දියන් ටෙලිනාට්‍ය වලටනෙ?"

මිරිඟු සිත්තම - Sinhala BLWhere stories live. Discover now