දහවල් විවේකයෙන් පසු දුලංජන ගේ විහිලුවකට සිනහසෙමින් ම මම පන්තියට ගොඩ වුණෙමි. කලු ලෑල්ල අසල රැස්වූ සිසුන් කණ්ඩායමක් මැද හුන් තිවංක ගේ රුව දුටු විගස හද ගැස්ම තීව්‍ර වුවද, වෙනසක් නොපෙන්වා මගේ මේසය වෙත යන්නට මම වග බලාගතිමි.
සිංහල ගුරුවරයාගේ පැමිණීම සමඟ අනෙක් සිසුහු ද යළි තම තමාගේ මේස කරා ගියහ. පුටුව මත හරිබරි ගැසුණු මම බිමට නැවී පොත් බෑගය තුලට අත දැම්මේ සිංහල පොත ගන්නටය.
නමුත් මගේ අතට හසුවූයේ වෙනත් දෙයකි.
කඩදාසියක දැවටූ සෘජුකෝණාශ්‍රාකාර යමක්?...
මම කුතුහලයෙන් අත ඉවතට ගතිමි.
එය, සටහන් පොතකින් කැඩූ කොළයක දැවටූ චොකලට් එකකි. සී ආර් ප්‍රමාණයේ කොළයක් වූ නිසාම, කවුරුන් හෝ නැවූ පුද්ගලයාට එය කිහිපවරක් නවන්නට වී ඇති බැව් පෙනිණි. නමුත් එය එතරම් සැලකිල්ලකින් නැවූ බවක් ද දක්නට නොවී ය. සියල්ලකටම වඩා මට පුදුමය දැනවූයේ මින් පෙර මා දැක නැති වර්ගයේ චොකලට් එකය. එය ලංකාවට ආවේණික ආයතනයක් නොවන බව මට එකවරම වැටහිණි. කවරය මත වූ රූපයේ සිටි රත් පැහැති කොණ්ඩය ඇති කෙල්ලෙක්, මා දෙස විරිත්තාගෙන හුන්නාය.
"මොකද බං යකෙක් දැක්ක වගේ?"
දුලංජන ගේ හඬින් මම ගැස්සී ගියෙමි.
බෑගයෙන් පොතක් එලියට ගනිමින් සිටි ඔහු, එය මදකට නවතා කුතුහලයෙන් මා දෙස බලාසිටියි.
"...ංආ" මම තතනන්නට වීමි. "මේ...මගෙ බෑග් එකට කවුදෝ මංදා චොකලට් එකක් දාලා?"
මොහොතක් විමසුමෙන් මගේ මුහුණ දෙස බලාසිටි ඔහු, එකවරම සිනහසෙන්නට විය.
"අපෝ ඕකට ද බං උඹ ඔච්චර තක්බීර් වෙලා මහසෝනා ගහල වගේ ගල් වෙලා උන්නෙ? මේ පන්තිවල ඔහොම චොකලට් එකක් තෑගි කරන එක මහ දෙයක් ද බං, කොල්ලො කෙල්ලො කරන්නෙ ඕව මිසක් වෙන මොනා ද මේ කාලෙ?"
මම උපහාසයෙන් ඇහිබැමක් එසවීමි.
"ම්ම්ම්, ඉන්න බලන්න පොඩ්ඩක් හිතන්න. ඔව්... අන්තිමට මම බලපු වෙලේ නම් මට චොකලට් තෑගි දෙන්න තරම් ආදර සබඳතාවයක් නම් තිබුණෙ නෑ!"
CZYTASZ
මිරිඟු සිත්තම - Sinhala BL
Romansසමලිංගිකත්වය අරුමයක් වූ රටක, පාසලේදී තමාගේ ආදරය සොයා යන පිරිමි ලමයෙකූගේ කතාවකි. ලිංගික චර්යා ආශ්රිත සිදුවීම් ඇතුලත් බැවින් 18+ රසිකයන් පමනක් සම්බන්ධ වන ලෙසට කාරුනිකව ඉල්ලා සිටිමි. A story about a boy who is seeking for his identity and love in a Sr...