20

224 40 6
                                    

සැඳෑ සමය පසුවී, බිම් කලුවර වැටෙන හෝරාවේදී විජය මුදලාලි ගේ කඩයට යන ලෙසට අම්මාගෙන ලද උපදෙස් මත, මම සෙමෙන් සෙමෙන් ගම්මානය හරහා ගාටන්නට වීමි.

සංජුල යළිත් මගේ මුහුණ නොබලන බව මට නිසැකය.

මට දැන් පෙම්වතියක් සිටියි.

දනූෂි, මා දකිනා වාරයක් පාසා ඇගේ මුහුණ දීප්තිමත් සිනහවකින් සරසාගන්නීය.මට මෙතරම් සුරතල්, කැපවුණු පෙම්වතියක සිටිද්ද්දීත්, සංජුල ගැන සාංකාවකින් මගේ සිත නළියන්නේ මන්දැයි මට නොතේරේ.

දඟකාර සිනහවකින් මුව සරසාගත් තිවංකගේ කඩවසම් මුහුණුවරද වරින් වර මගේ සිතට බැලුම් හෙළයි.

මා සැබවින්ම ආදර ත්‍රිකෝණයක පැටැළී ඇත්තෙමි. ගෙවෙනා සෑම මොහොතකම මම එක එල්ලේ තිවංක දෙස බලාගෙන දිව යන අතර, දනූෂි මගේ අතේ එල්ලී පස්සෙන් එයි; දැන් ඒ මතින්, සංජුල ගේ බර ද මම දරාගෙන ගමන් ගත යුතුය.

අප්සරා ලා නුවංගි ලා කෙතරම් වාසනාවන්තදැයි මට වරෙක සිතේ. අප්සරා මේ වනවිට තිවංක හා නිදි වැදී ඇත. මා දැකගන්නට පෙරුම් පුරන ඔහුගේ නිරුවත් සිරුර හිතේ හැටියට දැකබලා ගන්නට, ස්පර්ශ කරන්නට ඈ වාසනාවන්ත වී ඇත. සියල්ල පරයා ඔහු හා කායිකව එක්වන්නට, ඔහුගේ උණුහුම, සිරුර ඇතුළතින් විඳගන්නට ඈ වාසනාවන්ත වී ඇත. දෛවය ඉතා කුරිරු යැයි මට හැඟේ.

තිවංක ගේ නිරුවත් සිරුර ගැන සිතීමෙන් මගේ යටිකය මටත් හොරා උද්ගාමක වී ඇත. ඇවිදින අතරම මගේ දෙකකුල් අතර දැනෙනා සංවේදනාත්මක ස්පර්ශය මට තදින් දැනේ. ගෙදරට හැඳ හුන් කොට කලිසම පිටින්ම ආ නිසා, කිසිවෙකු නොදකින්නට පෙර මා මෙය වසන් කරගත යුතු ය.

අකැමති දෙයක් හිතපන්...අකැමති දෙයක් හිතපන්...

අනපේක්ෂිත උද්ගාමක වීමකදී, එය පහ කරගැන්මට පහසුම ක්‍රමය, ඔබ උද්ගාමක කළ කරුණට කොටින්ම ප්‍රතිවිරුද්ධ කරුණක් සිතීමයි. පන්තියේ කොල්ලන් කුරුට්ටන් ඒ ගැන කරන කතාබහ මට කන වැටී ඇත. බස් නැවතුමකදී කොට සායක් හැඳි කෙල්ලකු දුටු අප පන්තියේ කොල්ලෙක්, ඔහුගේ අනපේක්ෂිත උනන්දුව වසාගැනීමට සිදුකළේ, ඔහුගේම ආච්චි අම්මා නිරුවතින් මවාගැනීම බව කියූ අන්දම මට එවෙලේ මතක් විය.

මිරිඟු සිත්තම - Sinhala BLOù les histoires vivent. Découvrez maintenant