30

244 41 23
                                    

"ශ්‍රී ලංකාවේ....එළිය මිණිපුරයි..ලොවම සිසාරා...පැතිරෙන්නෙ එහි තමයි...

රූ ළඳුන් සොයාලා...ඔබ එන්නෙ මෙහි තමයි...ශ්‍රී ලංකාවේ....එළිය මිණිපුරයි"

ගිනි මැලය වටා රොක් වී ගයන සිසුන්ගේ හඬ, බංගලාවේ නිහඬතාවය බිඳිමින් වාතළයට මුසු වෙයි.

මැද මිදුලේ ගිනි මැලය අසළ මෙලෙසින් ගීත ගැයීම, අනෙක් සංචාරකයන්‍ට බාධාවක් වේ යැයි පළමුව සැක සිතුණ ද, මද වේලාවකින් කාමර වලින් එළියට ආ විදේශීක සංචාරකයින් කිහිප දෙනකු  ගිනි මැලය වටා රොක් වූ ආකාරයෙන් ඔවුන් මේ සිද්ධිය අගය කරනා බව මට පැහැදිලි විය.

විදේශික සංචාරකයින් අතර තරුණ යුවළක්, වයස්ගත දෙකක් හා කුඩා දරුවන් දෙදෙනෙකු සිටි පවුලක් වූහ. නිතර දක්නට නොලැබෙනා පිරිසක් වූ සුදු ජාතිකයින්ගේ සම්ප්‍රාප්තිය, අප පන්තියේ බොහෝ දෙනාගේ අවධානයට ගෙන තිබුණද, මගේ දෑස් එක එල්ලේම යොමුවී තිබුණේ ගිනි මැලය හරහා මට වරින් වර දිස්වන තිවංක ගේ රුව දෙසට ය.

ඔහු වටා සිටි ඇතැම් සිසුහු නැගිට එහා මෙහා වෙමින් නටති.

ඔහුගේ අතෙහි එල්ලී සිටි අප්සරා, නටන්නට යන්නට එන්නැයි ඔහුට පෙරැත්ත කරන අයුරු ද, ඔහු ලජ්ජාශීලී සිනහවකින් ඊට එකඟ නොවන අයුරුද මම බලා සිටියෙමි.

ඔහුගේ අතින් මිදුණු අප්සරා, ගිනි මැලය අසළට විත් නර්ථනයක යෙදෙන්නට වූයේ බොහෝ දෙනාගේ උද්‍යෝගිමත් කරමිනි.

ඈ කවදත් සැමදෙනාගේම අවධානය ගන්නට ලැබේ නම් ඕනෑම දෙයක් කරන තාලයේ එකියකි.

මද වේලාවකින් දේශපාලන විද්‍යා ගුරුවරිය කොණකින් මතුවූයේ රාත්‍රී ආහාරය සඳහා පිළියෙල කළ පාන් සහ සොසේජස් තොගයක් සමඟය.

ගුරුවරුන් ලබා දුන් පිරිසිදු කරන ලද දර කෝටු වල ගසා ගිනි මැලයේ ආධාරයෙන් සොසේජස් පුළුස්සා ගැනීමට අපට ඉඩ හසර ලැබුණි. ඒ ක්‍රමවේදයට අකැමති සිසුන් හට කලින් පිළියෙල කරන ලද සොසේජස් තසිමක් පසෙකින් තබා තිබිණි.

"බාලදක්ෂ කරන කාලේ වගේ...!"

මම මද සිනහවකින් මිමිණුවෙමි.

මිරිඟු සිත්තම - Sinhala BLDonde viven las historias. Descúbrelo ahora