16

354 54 4
                                    

සති අන්තයේදී, වැඩ රාජකාරි කීපයකට අයියා සමඟ එහා මෙහා යන්නට මට සිදුවී තිබිණි. බෑග් මලු ගොන්නක් කිහිලි ගසාගෙන යතුරුපැදියට ගොඩ වන විටම, සති පතා ගෙදරට අවැසි බඩු මුට්ටු සහිත ලැයිස්තුවක්ද මගේ අතෙහි ගුලි කරන්නට අම්මා සමත් වූයේ මගේ අමනාපය මුසු හඬ නොසලකා හරිමිනි.

අයියා ගේ ඉණ වටා දෑත් බැඳගත් මම, ගම්මානය හරහා වේගයෙන් ඇදී යන්නට විමි. නිවාඩු දිනයක් වූ නිසාම පාරවල් මදක් කලබල බව මට වැටහිණි. ගෙවෙනා මීටර විස්සකට පමණ පාහේ අඩුමගානේ එක් අයෙකු හෝ පාරේ දක්නට ලැබේ.

"කොහෙටදෝ මුලින්ම?"

මම අයියා ගේ කනට ලංවී කැගෑසිමී.

"ංආ???..." අයියා යතුරුපැදිය හසුරුවන අතරම ගෙල මදක් හැරවූයේය. මගේ හඬ ඔහුට නෑසෙන්නට ඇත.

"කොහෙටද මුලින්ම යන්නෙ?" මම හඬ මදක් නංවමින් ඇසීමි.

"අතන..."

අයියා හිසෙන් සන්කල ගොඩනැඟිල්ල දෙසට මගේ නෙත් යොමුවිය.

මහපාර අයිනේ වූ පැරණි රජයේ බැංකුව. 

එය විජය කුමරු ලක්දිව ගොඩබහින්නටත් පෙර කාලයේ පමණ නිමවූ ගොඩනැඟිල්ලක් යැයි යමෙකු පැවසුවහොත්, විශ්වාශ සිතෙන තරම් ඉපැරණී, ගරාවැටෙන ගොඩනැඟිල්ලක් විය. වසර පනහකට පමණ පෙර කොල තීන්තයෙන් වර්ණ ගැන්වූ ඒ දෙමහල් ගොඩනැඟිල්ල, අද වනවිට තිබුණේ සුදු පැහැ මුසු කහට පැහැයකිනි. ඡන්දය ලංවන විට පොරොන්දු දෙමින් කෑගසන තිවංක ගේ පියාණන් වැනි දේශපාලුවන්, එදිනෙදා ජීවිතයට අවශ්‍ය මෙවන් ගොඩනැඟිල්ලක් වත් ප්‍රතිසංස්කරණය කරන්නට උත්සුක නොවන්නේ මන්දැයි කලකිරීමක් මට ඇතිවිය.

අයියා අණුකරණය කරමින් බැංකුවේ උඩු මහලට පිවිසුණු මට, මුලින්ම දැනුණේ නහය කඩාගෙන යන තරමේ පිච්ච මල් සුවඳකි. ටෙලර් කවුන්ටර පෝලිම අග බිත්තියේ වූ බුදු පිළිමය අසළ වූ අලුත තැබූ ඒ මල් පොකුර, ගොඩනැඟිල්ල වසාගත් මිනිසුන්ගේ දහදිය ගඳ වසාලන්නට සමත් වීම මගේ සැනසුමට කරුණක් විය.

"ඔයා ඉඳගෙන ඉන්න, මම මේ චෙක් එකේ වැඩ ටික කරන් එන්නම්."

අයියා ගේ විධානයට හිස සැලූ මම, අසල වූ පුටුවක වාවි වුණෙමි.

මිරිඟු සිත්තම - Sinhala BLDonde viven las historias. Descúbrelo ahora