34

256 45 45
                                    

තිවංක ඇවිද ගොස් දොරටුව විවර කළ විට, කොට කලිසමකින් හා කමිසයකින් සැරසුණු සිංහල ගුරුවරයා අප දෙස බලා සිටියේය.

"සර්?..."

තිවංක ඇසුවේ පහත් හඬකිනි.

"ංආ, සමාවෙන්න ඕනේ දොරට ගහන්න වුණාට- අකුණු ගහන සද්දෙ නිසා ඇහෙන්නෙ නැති වෙයි කියල හිතුව. මං මේ කාම‍රෙන් පටන් අරන් අනෙක් කාමර දෙකටත් යන ගමන්."

ගුරුවරයා පවසන්නට වූයේ තිවංක ගේ උරහිස මත්තෙන් මා වෙත එබී බලමිනි.

"...දැන් නිදාගන්න වෙලාව හරි - එකොළහ ටත් කිට්ටුයි නේ." ඔහු කියන්නට විය. "මේ හෝටලේ ලයිට් නිවන වෙලාවක් තියෙනව - එකොළහයි කාල වෙද්දි....ඒක නිසා ලයිට් නිවන්න කියල මතක් කරන්නයි ආවෙ..."

තිවංක එවෙලේම අත යොමු කොට දොරට පසෙකින් වූ විදුලි ස්විචය ක්‍රියා විරහිත කළේය.

කාමරයම අඳුරේ ගිළුණි.

ජනේලයෙන් කාමරයට කාන්දු වන කුඩා විදුළි එළියත්, විවරව තිබූ දොරටුවෙන් ඇතුලට ගලා එන කොරොඩෝරයේ මලානික ආලෝකයත් හැරුණු කොට, මුළු කාමරයේම පැතිරී තිබුණේ කෑලි කැපිය හැකි අඳුරකි.

"බොහොම හොඳයි."

සිංහල ගුරුවරයා තිවංක වෙත පෑවේ සිනහවකි.

හැරී පිටව යන්නට පය එසවූ ඔහු, හදිසියේ යමක් මතක් වුවාක් මෙන් යළිත් කාමරයට එබුණේය.

"ංආහ්... තව එකක්- ඔය හොරෙන් හංගගෙන අරව මේවා මෙහෙ අරන් ඇවිල්ල තියෙනව නම් - මේ රෑ තිස්සෙ ඇහැරගෙන විකාර කරන්න ලෑස්ති වෙන්න එපා කියලත් මතක කරනව."

ගුරුවරයා එය කීවේ තමාටද, නැතහොත් මට දැයි සිතාගත නොහැක්කාක් මෙන් තිවංක හැරී මා දෙස හෙලුවේ ව්‍යාකූල බැල්මකි.

අපගේ අන්දබූත වීම ගැන මදක් සිනහසුණු ගුරුවරයා, අපට සුබ රාත්‍රියක් පතමින් කාමරයෙන් පිටව ගියේය.

මම ද ව්‍යාකූල වූ සිතින් කල්පනා කරන්නට වීමි. සිංහල ගුරුවරයා ඉඟි කළේ ළමුන් හොරෙන් සඟවාගෙන ගෙන ආ හැකි මත්ද්‍රව්‍ය ගැන ද? නැතහොත් ජංගම දුරකථන ගැන ද? නැතහොත් කොල්ලන් හොරෙන් බලන්නට ගෙන එන වල් පත්තර ගැනද? නැතහොත් කොල්ලන් කෙල්ලන් විකාර නටන්නට ගෙන ආ හැකි උපත් පාලන කොපු ආදිය ගැන ද?

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: 5 days ago ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

මිරිඟු සිත්තම - Sinhala BLHikayelerin yaşadığı yer. Şimdi keşfedin