31

136 37 13
                                    

නව යොවුන් වියේ හැඟුම් පුබුදා ආ කලයේ පටන්ම මම ඔහු ගැන සිහින මැව්වෙමි. ඔහුගේ සරාගී සිනහව දකිනා දකිනා වාරයක් පාසා මගේ හදවතේ පිරීයන අමුතුම උද්‍යෝගය ඔහු දැන සිටියේ නැත. සිය දහස් වාරයක් කාටත් හොරා මා ඔහු ගැන සිතමින් මාවම ස්පර්ශ කරගත් ආකාරය ගැන ඔහුට කුඩා හෝ අදහසක් නැත. 

පාසල් ජීවිතයේ වසර ගණනාවටම, ඔහු මා හා කතා කොට ඇති වාර ගණන මට දෑතින් ගණින්නට පුලුවන.

අද, මේ තීරණාත්මක රාත්‍රියේදී මා නිදන කාමරය ඇතුළු වූ විට, ඇදක් මත හිඳගෙන මා දෙස බලා සිටින ඔහුගේ රුව, මීට වසර ගණනාවකට පෙර ඔහු මුලින්ම දුටු දිනයේදී මා දුටු සිහිනයක් සැබෑ වීමක් බව මට වැටහිණී.

තිවංක.

මගේ හදවත සොරාගත් ඒ දඟකාර, කඩවසම් මුහුණ, දැන් මා ඉදිරියේ හිඳ මා දෙස බලා සිටියි.

මා ඔහු වෙත සිනහවක් පෑ යුතුද, අත වැනිය යුතුදැයි මට සිතාගත නොහැකි විය.

මෙය මගේ සිහිනයක් සැබෑ වීමක් වැනිය. නමුත් කුමක් කිව යුතුදැයි සිතාගත නොහැකි තැන, මම එක එල්ලේම ඉදිරියට ගොස්...

මගේ බඩු අහුරන්නට වීමි.

මෝඩයා.

මම මටම සිතින් බැණගතිමි.

පොඩ්ඩක් හිනා වෙන්න තිබ්බා.... එහෙමත් නැත්නම් ඔලුව ටිකක් උඩට උස්සල සුහදත්වය පෙන්නන...

කමක් නෑ දැන් පරක්කු වැඩියි. ඔන්නොහෙ බෑග් එක අස් කරන්ඩ ඕනෙ.

නිදන කාමරය මධ්‍යම ප්‍රමාණයේ එකක් වූ අතර, කාමරයේ වම් පස බිත්තියට තදවූ එක් ඇඳක් ද, කාමරයේ මැදට වන්නට වූ තවත් ඇඳක් ද එහි විය. ඇඳවල් දෙක අතර බුමුතුරුණක් මත වූයේ කුඩා කනප්පුවකි. ඒ මත තැබූ සඟරා කිහිපයක් හා විදුලි ලාම්පුව, අවකාශයේ වූ හිස් බව මකාදැම්මේය.

කාමරයේ දකුණූ පසට වන්නට තනා තිබූණේ කුඩා වැසිකිළියක් හා නාන කාමරයකි. එහි බිත්තියට යාබදව කාමරය තුළට වන්නට තිබුණේ උස අල්මාරියකි. එහි අඩවන් වූ දොර පලුවකින්, මට තිවංක ගේ බඩු බාහිරාදිය අතුරා ඇති අයුරු පෙනේ.

මම ද, අල්මාරියේ දකුණු පස පියන හැර, මගේ බෑගයෙන් ගත් ඇඳුම් පැලදුම් එහි අසුරන්නට වීමි.

මිරිඟු සිත්තම - Sinhala BLNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ