03

309 58 4
                                    


දින දෙකක ලද විවේකය නිසා තිවංක හා අප්සරාගේ සිදුවීමෙන් ඇතිවුණු නොසන්සුන් හැගීම යටපත් වී තිබුණද, සඳුදා දින පාසලට ලඟා වන විට මගේ හද ගැස්ම යලිත් වේගවත් වන්නට වූයේ නිරායාසයෙනි. ඔවුන් දෙදෙනාගේ මුහුණු දෙස බැලීමට මට බියක් දැනුණි.

පිස්සු.

මම මටම දොස් තබාගතිමි. 'මම මොකටද බය වෙන්නෙ? මඩු ගානෙ රිංගගෙන ඔව්ව කරේ උන් දෙන්නෙ. ලැජ්ජ වෙන්න-බය වෙන්න ඕනෙ නම් ඒ එයාල.' 

එම සිතුවිල්ලෙන් මගේ සිත මදක් සන්සුන් විය. 

මා කවුලුවෙන් බලාසිටි නිමේශයේදී හෝ වැටි වැටී දිවයන මොහොතේදී ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙකු හෝ මගේ මුහුණ දුටුවාද, නැතිනම් පසුපසින් මා හඳුනාගත්තා දැයි මට සැකය. කෙසේ වෙතත් ඕනෑම දෙයකට ගැලපෙන පිලිතුරක් දීමට මම ඉටා ගතිමි. මා වරදක් කර නැත. එදා ඔවුන් මා දුටු බව කියා ඒ ගැන ඇසුවහොත්, 'හොඳයි හොඳයි දෙන්නගෙ වැඩ' කියා විහිලුවෙන් සිනහසී, එය කිසිවෙකුටත් නොකියන බවට පොරොන්දුවක් දීම මගේ සැලසුම විය. 

අප්සරා කුමක් කීවත්, තිවංක මා සමඟ කතා කරන්නට පෙලැඹේ යැයි යන හැඟීම මට ඇතිකලේ සියුම් ආශාවකි. අවුරුදු ගණනාවක් ඔහු ගැන සිහින මැව්වත්, ඔහු මා හා කතා කොට ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මම පාසලේ දීප්තිමත්, ආදර්ශමත් සිසුවෙක් වීමත්, ඔහු කොල්ලන් සමඟ කල්ලි ගැසෙන, කට්ටි පනින තාලයේ චරිතයක් වීමත් ඊට ප්‍රධාන සාධකයක් බැව් මට හැඟුණි. කෙසේ වෙතත් අද ඔහු මා සමග කතා කරහොත්, ඒ කතා කරන්නට යන්නේ ඔහුගේ ලිංගික චර්‍යාවක් මා ඇසින් දුටුබව දැනගෙන බැව් සිතීමම, මට අමුතුම වින්දනවක් ගෙනෙන්නට විය.

"...අරවින්ද! මෝනින් කොල්ලෝ!"

තිවංකගේ හඬ අපේක්ශාවෙන් සිටි මට, ඒ වෙනුවට ඇසුණේ දුලංජන ගේ කටහඬයි.

"ංආ... මෝනින්." කී මම, පොත් බෑගය මේසය මත තබමින් වටපිට බැලුවේ තිවංක හෝ අප්සරා දැකගන්නටය. නමුත් මගේ දර්ශනපථය අවහිර වූයේ, යලිත් වතාවක් මා ඉදිරියෙන් මතුවූ දුලංජන ගේ මුහුණෙනි.

"ඉතින්..." ඔහු දෑස් දල්වාගෙන මගේ මුහුණ ට එබී සිටියි.

"ඉතින්?' මම නොමනාපය සඟවාගෙන ඇසීමි.

මිරිඟු සිත්තම - Sinhala BLTempat cerita menjadi hidup. Temukan sekarang