14

201 44 1
                                    


"එතකොට උඹල දෙන්න වැඩේ කරා?"

මා පසුපසින් ඇසෙනා නුවංගි ගේ කෙදිරිලි හඬ මගේ සවනතට වැටෙයි. ඈ ඒ වනවිටත් කරමින් සිටියේ ඇහෙන නොඇහෙනා ගණනකට වුවද, තවත් කෙල්ලෙකුගේ "ෂ්ෂ්ෂ්!" හඬකින් ඇගේ හඬ තවත් බාල වෙයි.

"...කියපංකො අප්‍සරෝ!"

අප්සරා කෝලයෙන් සිනහසෙනු ඇසේ.

නුවංගි මේ විමසන්නේ ඊයේ සවස තිවංක හා අප්සරා ගේ රැඟුම ගැන බැව් මට පසක් විය. එය තවත් ඉවසාගත නොහැක්කා සේ දැනුනෙන්, නැඟිට පන්ති කාමරයෙන් පිටවී යන්නට මට සිත් විය. නමුත් එසේ කලහොත් මම, සැමගේම අවධානයට බඳුන් වනු ඇත.

ඉංග්‍රීසි ගුරුවරිය නොපැමිණි දිනයක් වූවෙන්, පන්තියේ බොහෝ දෙනා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පන්තියෙන් පිට පැන පාසලේ නොයෙක් තැන්වල කල්ලි ගැසෙන්නට පටන් ගෙන තිබිණී. ඕනෑම කාලඡ්චේදයක එහා මෙහා යන්නට උසස් පෙළ සිසුන්ට නිල නොලත් වරමක් ලැබේ. පාසලේ 'වැඩිහිටි සිසුන්' ලෙස සැලකීම නිසාම, අප යනෙනා තැන් ගැන ගුරුවරුන් එතරම් සැලකිල්ලක් නොදක්වති. තව දුරටත්, විවිධාකාර විෂයන් සඳහා කුඩා කණ්ඩායම් කැඩී යන නිසා, සිසුන් කල්ලි ගැසී සිටියදී ඒ ගැන හාරා අවුස්සනට ද උනන්දු නොවෙති. උසස් පෙළ පන්තියේ ආශ්චර්‍යය එයයි.

"...කියපන්කෝ කෙල්ලෙ.." නුවංගි ගේ කෙදිරිලි හඬ, යලිත් මගේ සවනතට වැටෙයි.

"ඔව්, ඔව් බං ඉතින්...කළා තමයි..." අප්සරා සබකෝලයෙන් මෙන් මුමුණයි.

"සිරාවට?අනේ පලයන්?!..." 

අප්සරාගේ හඬ මට යළිත් ඇසේ.

"උඹේ පළවෙනි පාර නේද බං? අමාරු වුණේ නැද්ද?" මට හඳුනාගත නොහැකි තවත් කෙල්ලෙකු ගේ හඬක් අසනු ඇසේ.

අප්සරා සෙමෙන් සිනහසෙයි.

"අපෝ මගෙ නම් පළවෙනි පාර නෙවෙයි, ඒත් එයාගෙ පළවෙනි එක ලු."

මම ගල් ගැසුණෙමි.

තිවංක? පළවෙනි වතාවට?

මට එය සිතාගන්නට අපහසු ය. මා එදා පටන් දුටුවේ කෙල්ලන් ඔහු දෙස ඉඟි බිඟි පානා අයුරු ය. ඔහුගෙන් වචනයක් අසන්නට දඟ කන අයුරු ය. ඒ නිසාම මම නිරායාසයෙන්ම 'තිවංක' යන චරිතය 'කෙල්ලන්' අතර ජනප්‍රිය කෙනෙකු ලෙස මනසින් සිත්තම් කරගෙන සිටියෙමි. එබැවින් ඔහු අනිවාර්‍යයෙන්ම කෙල්ලන් හා නිදිවදිනු ඇතැ'යි යන අදහසක් මගේ සිතේ පැලපදියම් වී තිබිණී.

මිරිඟු සිත්තම - Sinhala BLDonde viven las historias. Descúbrelo ahora