32

285 41 26
                                    

මම ගැහෙනා හදවතින්, දෑස් දල්වාගෙන දුලංජන දෙස බලා සිටිමි.

"ඉතින්, අපේ එක කොල්ලෙක්ට සිංහල සර් ගේ කාමරේ නවතින්න වෙනව. ඒත් කොල්ලා ඒකට මූණක් දාගත්තු නිසා සිංහල සර් කිව්ව තුන් දෙනෙක් ට විසි හය කාමරේ ඉන්න දෙන්නම් කියල. ඔන්න අපේ එකේ තමා මරුම වැඩේ! ඇඳවල් දෙකේ තුන් දෙනෙක්!!"

ඔහු මහ හඬින් සිනහසේ.

මම සැනසුම් සුසුමක් පිට කළෙමි.

"මොකෝ මන්ත්‍රී පුතා කියන්නෙ?"

යළිත් මගේ උරහිසට උඩින් එබුණූ දුලංජන, තිවංක වෙත සිනහවක් පාමින් ඇසුවේය.

"අවුලක් නෑ ඉතින්... කතා කරල ඉන්නව."

මම සිත ඇතුළෙන් එන පීඩනය වසන් කරගෙන මිමිණුවෙමි.

"හ්ම්ම්, හරි හරි... මතක ඇතුව හොඳට නිදාගනිල්ලා එහෙනම් - හෙට තව වැඩ ගොඩක් තියෙනවනෙ!... මම එහෙනම් ගිහින් එන්නම්. හෙට හම්බෙමු?"

දුලංජන කීවේ මගේ වම් උරයට තට්ටුවක් දමමිනි.

ඔහුගේ සමුගැනීමත් සමඟ, දොර වසා දැමූ මම, හුස්මක් ගෙන යළිත් හැරුණේ තිවංක දෙසය. එවර මා දුටු දර්ශනයෙන් මගේ දෑස් විසල් වී ගියේ නොදැනුවත්ම ය.

කලින් පසුපසට බර වී හුන් තිවංක, දැන් හරස් අතට ඇඳෙහි දිගා වී සිටියි.

තවමත් පොළොවේ වැදෙන ඔහුගේ දෙකකුල් වලින් පටන් ගෙන, මගේ දෑස් ඉහළට දුවන්නට විය. සුදු කොට කලිසමට සිරවූ ඔහුගේ පුෂ්ටිමත් කලවා හා යටිකය ලී කොටයකින් කැපූ කැටයමක් සේ ඉදිරියට ඉල්පී පෙනේ.

දෑත් බිත්තිය දෙසට දිගු කොට හිස යටින් තබාගෙන හුන් නිසා, පළමුවරට ඔහුගේ අත් යට වැඩුණු  රෝම ද මගේ නෙත ගැටේ.

ඉහළට ඇදුණු කමිසයට යටින්, ඔහුගේ යට ඇඳුමෙහි වාටියේ වූ ඉංග්‍රීසි අකුරු ත්, උදරය හරහා ගොස් ඒ තුළින් සැඟවී යන කුඩා රෝම රටාවකුත් දර්ශන පථයට හසුවීම, මගේ යටිකය සෙමින් සෙමින් ප්‍රාණවත් කරන්නට විය.

දැන් නෙවෙයි... දැන් නෙවෙයි...

මම මගේ සිරුර අවනත කරගන්නට වෙර දැරුවෙමි.

එකවර මගේ රුව දුටු තිවංක, යළිත් කෙලින් වී ඇඳට බර වුණේය.

"ඒ මගෙ යාලුවා...නිදාගන්න යනව කියන්න ආව."

මිරිඟු සිත්තම - Sinhala BLOnde histórias criam vida. Descubra agora