"ආ මේ එන්නේ, අම්මයි තාත්තයි ඩිවෝස් වෙනවලු නේද"
කේනුලා එනකම් මඟ රැකන් හිටිය ශනායා අත් දෙකත් බැඳගෙන මූණට සමච්චල් හිනාවක් අරගෙන කේනුගෙන් එක පාරටම එහෙම අහද්දි පිටි පස්සෙ හිටිය ශනායගේ යාළුවෝ දෙන්නත් අතින් කට වහන් හිනා උනේ හරියට කතා වෙලා කරන රඟපෑමක් වගේ. කොටින්ම තුන් දෙනාගෙම තිබුණේ ඕවර් ඇක්ටින් දඟලානා මට්ටමේ රංගනයක්.....
කේනුට පුදුමයි ශනායා ඒක දැන ගත්ත එක ගැන. ඒත් ඒ ගැන හිත හිතා ඉන්න ඕන උනේ නෑ ශනායම ඒකට උත්තර දුන්නා.
"මොකද මේ ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නෙ. පුදුමයි නේද, මං දැන ගත්තේ කොහොමද කියලද හිතන්නේ. අයියෝ අනේ සුදු අයිය මගෙන් මුකුත්ම හංගන්නේ නෑ, සුදු අයිය කිව්වම දන්නවනේ ඉතින් නේද, මගෙ ආයු අයියා. එයා තමයි ඉතින් මට කිව්වෙ"
"සුදු අයියා කවදාවත් තමුසෙ එක්ක ඕක කියන්නෙ නෑ ශනායා. මට ඒක විශ්වාසයි. අනික සුදු අයිය කොහොමද තමුසෙගෙ වෙන්නේ, එයා මගේ. දැන් එයා තමුසෙගෙ මූණ වත් නොබලන එකේ බොරු කතා නොකියා ඉන්නවා"
"මේ බලන්නකෝ අනේ මෙයා.... සුදු අයිය මගේලු, ඊයා කොළු කාරයෙක්ද කොහෙද, ඒක තමයි ආයු අයියගේ පස්සෙන් ඔච්චර කැරකෙන්නේ"
ශනායා යාළුවෝ දෙන්නගේ දිහාත් බලලා හිනා වෙවී කිව්ව කතාවට නම් කොල්ලො තුන් දෙනාටම තරහ ගියා....
"ඉතින් කොළු කාරයෙක් උනා කියල ඔයාට තියෙන අමාරුව මොකක්ද හලෝ. ඔයා ඊයා ගෑවට ඒක අප්පිරිය කරන්න ඕන දෙයක් නෙවෙයිනෙ. ඔයාලා තමයි ඉතින් කොල්ලො දෙන්නෙක් දැක්ක ගමන් ඊයා ගගා වැලලෙන්නේ. හැබැයි කොල්ලො දෙතුන් දෙනා අල්ලන් වටේ යද්දි ඔයාලට කිසිම අප්පිරියාවක් නෑ නේද, ඊයා හලෝ වට වන්දනා...."
කේනු කට අරින්නත් කලින් බෝමියා කටර් එක වගේ කියවන් ගියා.
"අනික ඉතින් ඔයාලා හිතන්නේ මේ ලෝකෙ ඩිවෝස් වෙච්ච එකම අය අපේ කේනුගේ ෆේරන්ස්ල කියලද හලෝ. අපෝ ඔයාල නම් මොන ලෝකෙන් කඩා පාත් වෙච්ච ජීවීන්ද මන්දා, අපේ කේනුට රිද්දන්න හිතුවා මදි"
"තාත්තා වෙන ගෑණුත් එක්ක ළමයිනුත් හදල,ඒ උනාට මෙයාලගේ තියෙන ලොකුකම බලන්නකෝ අනේ"