යුකීව හම්බ උනාට පස්සෙ බෝමිගේ හිත පිරිලා ඉතිරිලා ගියා. දැන් එයාට ඕන මේ දේවල් කාත් එක්ක හරි කියවන්න. මොන දේ කියවන්න උනත් එයාට ඉන්නෙ යාළුවෝ දෙන්න විතරක් වෙද්දි ආයෙත් පන්තියට ගිය වෙලේ ඉඳන් මේකා නලියෑවේ හිතේ තියන් ඉන්න දේවල් යාලුවොත් එක්ක කියවන්න.
"මේ..... ඔය දෙන්නගෙන් බඩ්ඩක් අහන්නම්. ඇත්තම කියනවද"
අනේ ඉතින් හරි හුරතල් විදිහට එහෙම අහද්දි අනිත් දෙන්නට හිතා ගන්න බැරි උනා මූ මේ මොකටද ලෑස්ති වෙන්නේ කියල. මොකද ඒ දෙන්නත් දැන් හොඳටම දන්නවා ඒ තුන් දෙනාගෙන් ලොකුම නසරාණියා බෝමියා කියල.
"හ්ම්.... අහපන්කො බලන්න"
"මේකයි...... දැන් අපි හිතමුකො ඔය දෙන්නගෙ යාලුවෙක්.... මං කියන්නෙ මේ... පිරිමි යාලුවෙක් තව කොල්ලෙක්ට ලව් කරොත් ඔයාලා මොකද කරන්නේ.ඒ යාළුවව යාළු කමින් අයින් කරනවද"
"නෑ "
"නෑ"
කොල්ලො දෙන්නම එක පාර උත්තර දෙද්දි බෝමිට සැනසීමක් දැනුනා.
"මට නම් ඒ ගැන ප්‍රශ්නයක් නෑ බං.මං ඌට එකෙන්ම සපෝට් කරනවා, ඇයි දැන් උඹ ඒ වගේ දෙයක් ඇහුවෙ"
කේනු කියපු දේට සතුටු හිතුනේ බෝමිට විතරක් නෙවෙයි. නේහත් සතුටු උනා. ඒත් එක්කම කොල්ලට බයක් දැනුනේ බෝමි ඒ වගේ කතාවක් කිව්වෙ නේහගේ ලව් එක ගැන දැනගෙනද දන්නෙ නෑ කියලා. මොකද මෙතෘ කිව්වෙ මේ සම්බන්දෙ ගැන දැම්ම කාටවත් කියන්න එපා කියලනෙ. කොල්ල මෙතෘට පොරොන්දුත් උනා කිසි කෙනෙක්ට කියන්නෙ නෑ කියලා.
"මං එහෙම උනොත් ඔයාලා මාව අතාරින්නෙ නෑ නේද. මට උදව් කරනවා නේද"
බෝමි එහෙම අහද්දි නේහගෙ බය නැති උනා. කොල්ලො දෙන්න පුදුමෙන් වගේ බෝමි දිහා බලන් ඉද්දී එයා දිගටම කතා කරන්න ගත්තා.
"මං මුලදි මේ ඉස්කෝලෙට එන්න අකමැති උනත් පස්සෙ කැමති උනේ යුකී අයිය නිසා. එයාව දැක්ක වෙලේ ඉඳන්ම මං එයාට ආදරෙයි හලෝ. මට මේක කියන්න ඉන්නෙත් ඔය දෙන්න විතරයිනෙ, ඔය දෙන්න මාව කොහොම පිළි ගනීද කියල මට බයත් හිතුනා"
"අඩෝ මේ අපේ යුකී අයියා..උබල දෙන්නගෙ මොකක් හරි අවුලක් මටත් තේරුණා. ඒත් මං වැඩිය හිතුවෙ නෑ"