23

159 31 37
                                    

ලියම් බයවෙලා වගේ සාලේ දිහා බලන් ඉන්නවා දැකපු අහසුත් පුදුම උනා. මොකද ගෙදර එලියෙ වගේමයි ඇතුලත් හැමතැනම බඩු විසිරිලා ගිහින් තිබුනා. තනිකරම අපායක් වගේ ගේ දැකපු අහස්ට හීල්ලුනා මොකද මේ ගෙදර කවදාවත් එක දූවිල්ලක්වත් තිබුනේ නෑ එයාලගෙ අත්තම්මා උන්න කාලෙ ඒත් මොනා කරන්නද අත්තම්මා ගෙනාපු ආයුශ මෙච්චරයි . ඉතින් අහස් හිතුවෙ ලියම් මේ විදියට මොන මොනවදෝ මුමුන මුමුන බය වෙලා වගෙ බලන් ඉන්නෙ ගෙදර ඇතුලෙ තත්වෙ දැකලා කියලා හිතලා උනත් අහස්ට වැරදුනා. ලියම් බයවෙලා උන්නෙ මනුස්සයෙක් නොවන අමුනුස්සයෙක් ගේ ඇස් දෙකකට වෙනකොට  බයටම එයාගෙ ඇග වෙව්ලන්න ගත්තා.

මීට තප්පර කීපයකට කලින් දුක කලකිරීම අහිමි වීමේ දුකට අඩපු ලියම් ට ආයෙමත් ඇඩෙන්න ගත්තා. ඒ දුකටවත් වේදනාවටවත් නෙවෙයි අසීමිත බයකට.. අහස් ට වාරුවෙලා උන්න ලියම් තව තවත් අහස් අස්සටම තෙරපුනේ බය වැඩි නිසාමයි.එක අතකින් අත්තම්මා ගෙ අලු මුට්ටිය අල්ලගෙන උන්නා වගෙ ම අනෙක් පැත්තෙන් ලියම්ව වාරු කරන් උන්න අහස්ට තේරුන් ගන්න බෑ ලියම්ගෙ මේ අමුතු හැසිරීම. අනික  අහස් ගෙ වටේ ඉන්න හැම කෙනාම හරි අමුතු වෙලා. අහස්ට දැනුනේ එහෙමයි.

"ලියම් !!!! මොකද බං මේ..!"

"ලියම් මොකද මේ ඇයි වෙව්ලන්නෙ..  හරි කලබල වෙන්න එපා අපි ගෙදර අස් කර ගමු .."

"ලියම්!!! ලියම්.. මොකද ඇයි මේ... ඔයා මොකකට හරි බය වුනාද..."

අත්තම්මා ගෙ අලු දාලා තිබ්බ ඒ පොඩි මැටි මුට්ටිය එතන ලග තිබුන උස තැනක වැටෙන්නෙ නැති වෙන්න තියපු අහස් තමන්ගෙම අත් දෙකෙන් ලියම්ව වාරු කරගත්තා ලියම්ගෙ ඒ වේගෙන් වේගෙන් ගැහෙන ඇග වගේම එලියට ඇහෙන්නම සද්දෙන්  හුස්ම ගන්න විදිය එක්ක අහස්ට ලියම් ගැන බය හිතුනා.. මොකද කලින් දවසක ඉස්පිරිතාලෙ දි ලියම්ට පැනික් ඇටෑක් එකක් ආව විත්තිය ක්ශනිකව මතක් උන නිසාමයි අලු මුට්ටිය පැත්තකින් තියලා ලියම්ව ඇගට වාරු කරගත්තේ.. අහස්ට මහන්සී වගේම තෙහෙට්ටුයි.. තාමත් ඇග පත රිදෙනවා තලලා දාලා වගෙයි. ටිකට් කපන් එද්දි ඩොක්ටස්ලා කිවෙ ගෙදර ගියත් කමක් නෑ විවේක ගන්න මහන්සි වෙන දේවල් කරන්න එපා කියලා වෙනකොට මේ වෙද්දි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඒ ගැන වගේ වගක් නෑ.. කොච්චර ඇග පත රිදුනත් අහස් ලියම්ව වාරු කරගෙන හිටියා.

You've reached the end of published parts.

⏰ Last updated: 2 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

මහසොන් අඩවිය Where stories live. Discover now