ලියම් උන්නෙ එයාගෙ ගෙදර දොරකඩ ඉස්සරහා වෙනකොට ලියම්ගෙ හිත වගේම අතුත් වෙව්ලන්න ගත්තේ මේ ගෙදරත් එක්ක බැදුනූ ආදරනීය මතකයන් එක්කම එයාට විදින්න උන භිහිසුනු අත්දැකීම් වල මතකයන් වගේම මේ වහල යටදිම එයාගේ ආදරනීය අත්තම්මාට විදින්න වුන දුඛිත සිදුවීම් සහ අත්තම්මා ට සිද්දවුන අහස පොලොව නුහුලන අපරාදෙක මතකත් මේ වහලයට හැංගිලා තියෙන නිසාම ලියම්ට බැරි වුනා දොර ඇරගෙන ඇතුලට යන්න. ලියම්ට තාමත් මැවිලා පේනවා එදා ගෙදරදී අත්තම්මා ට අහස්ට වගේම තමන්ට විදින්න සිදුවුන දේවල් ඉතින් මේ දේවල් සිද්ද වෙන්න හේතුව හොයන්න උවමනාවට බලෙන්ම වගේ ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන ආවට මොකද ආර්යන් සර් එක්ක ගෙවල් ලගට ලං වෙන්න වෙන්න ලියම්ට ඕන වුනා එතනින් පැනලා දුවන්න. කාටවත් හොයාගන්න බැරි තැනක ගිහින් හැංගෙන්න. හැංගිලා දුක නැතිවෙනකන් අඩන්න වේදනාව නැති වෙනකන්ම අඩන්න.. කෑ ගහන්න පිස්සුවෙන් වගේ කෑ ගහලා එයාගෙ හිතේ තියන මේ වේදනාව පිට කරන්න ඕන වුනා. ඒත් ලියම් ඇත්ත ට මුහුන දෙන්නම ඕනෙ. මේ හැමදේකටම මුල එයාගෙ තිබුන ආසාව . යක්කු ගැන හොයන්න තිබ්බ ආසාව නිසාම මේ වගෙ විනාශයක් එයාය අත්වුනා. ඉතින් මේ ඉරනම ලියම්ට පිලිගන්නම වෙනවා.
ලියම්ට මුහුන දෙන්න වුන සිදුවීම ඇත්තටම වෙන කෙනෙක්ට වුනානම් ඒ මනුස්සයා මෙලහකට අංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ගන්නවා.මොකද මේ කාලෙ කව්ද අමුනුස්සයෝ ගැන විශ්වාස කරන්නෙ ඉතින් විද්‍යා වත් එක්ක ඉදිරියට යන මිනිස්සු කවදත් මේ වගෙ කතාවක් පිලිගන්නෙ නැති නිසා ලියම්ට අනිවාර්යයෙන් ම මානසිල්ස් රෝහලට යන්නම වෙනවා. ඒකත් මානසික රෝගී තත්වෙකට බෙහෙත් ගන්න සිද්ද වෙන්න තිබුනා. වයස විසි දෙකක තරුනයෙක් වෙච්ච ලියම්ට ඒත් මොකද්දෝ වාසනාවකට හෝ අවාසනාවකට ලියම්ට එහෙම වුනේ නැත්තේ ලියම් ට තවත් විදවන්න හේතු සාධක බොහෝමයක් තියෙන නිසාමයි. ඉතින් එක එක විකාර වලින් හිත බර වෙද්දි ලියම්ට නෙවෙයි ඕන වුනේ දොර ඇරගෙන ඇතුලට යන්න. ලියම් ගේ ඒ පහලට බර වුන ඇස් කොන් ලා වට රත් ගහන් ආවා වගේම ඒ ඇස් වලට නොනවත්වා කදුලු පිරෙද්දි ලියම්ට දොර ඇරගන්නවත් දොරේ දොරගුලට යතුර දාගන්නවත් පනක් නැති වුනා කොටින්ම කිව්වොත් මොහොතකට ලියම්ගෙ පෙනීමත් නැති වෙලා ගියා . මොකද කදුලු පිරිලම ඒ ඇස් බොදවෙලා ගිහින් තියෙනකොට අහස් වගේම ආර්යන් නුත් බලාන ඉද්දි ඒ ඇස් වලින් කදුලු වැල් බිමට කඩා වැටුනා.
YOU ARE READING
මහසොන් අඩවිය
Horror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending