..
..
..
...ඇයි අර යකා ගිනිපුග්ගාය හැදිලා වගේ දුවන්නේ.......ඈ විද්වාන්.....
කොහෙන්දෝ මන්දා ඇවිදින් බෙල්ල දාපු අභිසෙස් එහෙම ඇහුවා උනත් විද්වාන් නෙවෙ උත්තර බදින්න ගියේ.....විද්වාන් නෙවේ ඇස් හරවලා බලන්නවත් කරදර උනේ......ඒ ඇස් තිබුනේ පයින්ම වලව්වෙන් එලියට ඇවිදින් යන සන්දේශ් ලග...නෑ හරියටම කියනවා නම් ලේන්සුවකින් බැදුනු ලේ ගලන අත පපුවට තුරුලු කරගෙන කලබලෙන් වගේ වලව්වෙන් එලියට දුවන් යන පිරිමි රූපේ ලග....
පිරිමියෙක්ද නැත්නම් පිරිමි බාගයක්ද......අදාල අවයවය ගානට පිහිටලා තිබුනට සන්දේශ් කලේම ගෑනියෙක් ගානට රටම ගිනිතිබ්බ එක.........ඒකා වලව්වෙන් එලියට බැස්සෙම විද්වාන් එයාව මරන්න හැදුවා කියලා ගෙදර මිනිස්සුන්ට කෝල් කරගෙන......විද්වාන් කිනිස්ස බෙල්ලට තියලා ඇද්ද ගානට නාහෙන් අඩාගෙන.......නියපොත්තක් ගැලවිලා ගිය වේදනාවවත් දරාගන්න බැරි පිරිමි බාගයක් ගානට......
...හම්මට සිරි....මේහ් ලේ.....මොනා වෙලාද විද්වාන් ...කාටහරි තුවාල උනාද...
රතු සිමෙන්ති පොලොවට වැටුනු ලේ බිදු නොපෙනුනා උනත්......විද්වාන්ගෙ ඇගිලිතුඩු අස්සට හිර උනු ලේ තැවරුනු කිනිස්ස දැක්කෙ නැති උනත්....අභිසෙස් දැකලා තිබුනා බිත්තියේ තිබුනු ලේ පැල්ලම....විද්වාන් සන්දේශ්ව බිත්තියට තියලා තද කරපු මොහොතෙ අහම්බෙන් ඇති උනු ලේ පැල්ලම.......
අභිසෙස් ඒ ප්රශ්නෙ ඇහුවෙ විද්වාන්ගෙන් උනත්....විද්වාන්ට නෙවේ ගානක් තිබුනේ...විද්වාන්ට නෙවේ ඒ වග ඇහුනයි කියන්න පෙනුනේ......අභිසෙස්ව ගනන් නොගෙන...අභිසෙස් එතන නැති ගානට.....වලව්වෙන් පිටතට ඇදිලා යන චායාව දිහා බලන් හිටියෙ විද්වාන්ගෙ අලු පාට ඇස් ඇතුලේ මොකක්දෝ අමුත්තක් ඇදී ගියේම එයාටවත් නොදැනීම......
වාහනේ ගිහින් දාන්නම් කියලා තියෙද්දිත් පන්ඩිතකමට පයින්ම දිව්වේ සන්දේශ්මයි....ඒ උනත් දැන් ලේ කුයිලෙත් එක්ක ගොම්මනේ රබර් කැල මැදින් ඇවිදන් යන්න යනකොට සිද්ධ වෙන්න පුලුවන් දේවල්වලට වග කියන්න ඕනෙත් සන්දේශ්මයි...

YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?