....
..
වමනේ දානවා...?
අභිසෙස්...??.....විද්වාන්ගෙ ඇස් හීනි වෙලා ගියා...සිතූ ඒක කලබලෙන් වගේ කියාගෙන ආව තාලෙත් එක්ක ඒ ඇස්වල පුදුමයක් පිරිලා ගියා.....ඒ පුදුමෙත් එක්කම පිටිපස්සට කරලා හංගගන්න උත්සහ කල කැලෑ රෝස මලත් විද්වාන්ට සම්පූර්ණයෙන් අමතකව යන්න ගියා.....
....වමනේ දාන්නේ මොනා කරගන්ඩ ගිහින්ද...
..අනේ එන්නකෝ පොඩි හාමු.....පස්සෙ කතාකරගන්ඩ පුලුවන්නේ...ඇවිල්ලා බලන්ඩකෝ....අලුත් මහත්තයට හොදටම අමාරුයි වගේ......
විද්වාන් හුස්මක් පිට කලා....ලෙඩෙක්ට වෙලා තවත් ලෙඩෙක්ව බලන්න යන්න....ඒත් ඉතින් බෑ කියලා අත පය අකුලන් පාඩුවේ ඉන්නද....තුවාල කකුලට බර නොදී විද්වාන් ඇදෙන් බැස්සෙ පරිස්සමට ....ඒත් එතනත් සිතූට හදිස්සිය..ඇගිලිතුඩුවලින් ඉස්සි ඉස්සි බෙල්ල හරව හරව කොහෙදෝ බලනගමන් සිතූගෙ මේ දැගලිල්ල කොහොමහරි විද්වාන්ව එක්කන් යන්න....ඇවිදින්න පුලුවන්කම තිබුනා නම් අතින් ඇදගෙන හරි දුවන්න....
හිරි වැටිලා ගිය ගානට දැනෙන.....ඒ හිරි වැටිල්ල අස්සෙන්ම දැනෙන වේදනාවත් දරාගෙන...විද්වාන් වලව් බිත්තිවලින් අත තියන ගමන් ඇවිදන් ගියේ එයාට පුලුවන් තරම් ඉක්මනට....ඒත් එයා යනකොටත් අභිසෙස් හිටියේ වලව් මිදුලට වෙලා දනගහගෙන.......පදුරක් ගාවට වෙලා අත් දෙකෙන්ම පපුවත් අල්ලගෙන........
...බ්...වෑහ්..ක්...බ්...වෑක්ක්.....
...අභිසෙස් ...
...බ්වෑක්....බ්වෑක්ක්.....
..අනේ අලුත් මහත්තයට ගොඩක් අමාරුයි පොඩි හාමු.....ඉස්පිරිතාලේ එක්ක යමුකෝ....
විද්වාන් අභිසෙස් ලග පාත් උනා....එයාගෙ කකුලෙන් මොන තරම් වේදනාවක් දැනුනා උනත් එයාට අභිසෙස් ගැන බලන්නෙ නැතුව ඉන්න බැරි උනා......කතාකරගන්නවත් බැරි තරමට අභිසෙස්ට හොදටම වමනේ යනකොට......ඒ වමනේ විදිහට පිටවෙන්නේ කෑමවත්...පිතවත් නෙවේ දුබුරු පාටට හුරු දියරයක් වගේ කියලා දකිනකොට...විද්වාන් එයාගෙ අත අභිසෙස්ගෙ උරහිසට තද කලා......ඒ අතේ පහස දැනෙනවත් එක්කම අමාරුවෙන් පාතට නැවිලා වමනේ කරන ගමන් හිටිය අභිසෙස් තප්පරේකට ඔලුව ඉස්සුවා....

YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?