....
..
..මේ පැත්ත පට්ටයිනේ මන් හිතුවට වඩා.....
දනිස් දෙකට අත් දෙක තියන් පාතට බර වෙලා හති අරින ගමන් අභිසෙස් කියද්දි නම් සිතූ ඇස් කරකවලා අහක බලාගත්තා...කොහොමත් ඉතින් රන්දුනුතැන්න ලස්සනයි තමයි...ඒක අලුත් මහත්තයා කියන්න ඕන නෑ...සිතූ හොදටම දන්නවා...ඔය එක එක්කෙනා කිව්වාය කියලා ගමේ ලස්සන වැඩිවෙනවයෑ....
අභිසෙස්ට ඕන එකක් කියාගන්න දීලා සිතූ බිමට පාත් උනා.....බිමට පාත් වීගෙනම තවමත් මුතු කැට ගානට පිනි බිදුවක් පෙති අතරෙ හිරකරගත්තු කහ පාට චූටි මලක්.....පිනි බිදුව නොරිද්දාම හරි පරිස්සමට නෙලාගත්තා...ඇගිලිතුඩුවලටත් නොදැනෙන තරමට පරිස්සම් සහගතව නෙලාගත්තු කහ පාට මලේ පෙති අතර ඉදන් පිනි කැටේ පොලොවට හාදුවක් තියන්න හරි හරියට මුරන්ඩුකම් කරනකොට....අභිසෙස්ට උත්තර දෙනවට වඩා සිතූට කරන්න දෙයක් තිබුනා...හීතලටම රත ගැහුනු මහත තොල්පට හපාගෙන....ඒ ලොකු ඇහිපිය අතරින් පිනි කැටේ රැකගන්න මහන්සි වෙන්න තිබුනා...
බොරලු වැටුනු අඩිපාරෙ තනගොල්ලක් අස්සෙ ලැගන් බිම ඇනතියාගෙන...ඒ කියන්නෙ දනිස්වලින් විතරක් නැවිලා තට්ටම් පොලොවෙ නොගෑවෙන්න පාත්වීගෙන මලක් එක්ක ඔට්ටු වෙන සිතූ දිහා බලලා අභිසෙස් ආයෙම ඉස්සරහා බලාගත්තා........ගතට කොයිතරම් මහන්සියක් දැනුනත් මොකද..ඇගම දාඩියෙන් තෙත් වෙලා ගිහින් තිබුනට මොකද ඈත වෙල් යායෙ ඉදන් හමාගෙන එන හුලග ඇගම හිරිවට්ටලා දානා මෙච්චරයි කියන්න බැරි සැනසීමක් ගතට දෙනකොට...බලන් ඉද්දි ඒ මහන්සි පාට හේදුනා......ඒ දාබිදු පවා හුලන් රැල්ල උදුරගෙන යන්න ගියා.....වියනක් ගානට එකට බැදිලා අහසම වහන් කරගත්තු රබර් අතු අතරින් මැනික් කැට ගානට ඉර එලිය දිලීසි දිලීසී හරි හොරාවට අභිසෙස්ගෙ මූනට ලන් වෙන්න හදනකොට...දැනටමත් ඈත කදු යායට නම් රජ මගුල් උදාවෙලා තිබුනා....මීදුම් පටලෙත් ඉර එලියට බයේ කොහෙදෝ හැංගෙන්න හදනකොට හරි උජාරුවට කදු මුදුන දිලිසෙන්න ගත්තු වගක් නම් හොදටම පේන්න තිබුනා...
අභිසෙස් එයාගෙ සපත්තුවෙන් බොරලු පොලොවට පොඩ්ඩක් ඇන්නා....දූවිලි අතරින් මතු උනු කිරි සුදු ගහපු තිරිවානා කැටයක් දැන් දැන් මඩ පාට වෙලා තියෙන දිහා බලන් හිටියා.........ම්ම්...මහ ලොකු දූවිල්ලක් නෑ...ඒත් තවම උදෙ නිසා හැම්තැනම පින්න...තනගොල්ලේ විතරක් නෙවේ අඩි පාරත් තෙත් වීගෙනම පින්න......ඒ පින්න නිසාමයි අභිසෙස් දැක්කෙත් මඩ පාට හේදිලා යන්තමට මතු වෙලා තිබුනු තිරිවානා කැටේ සුදු පාට......

YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?