ඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි .... කියාගන්න බැරිකමින් හිත බරයි..... ඊයේ අද මෙන් හෙටත් එහෙමමයි.... හුදකලාව අවනඩුවක් ......පිරිමි ලමයෝ....... . මන් දන්නේ නැ මට ඒ වෙලාවේ දැනුන හැගීම මොන වගේ එකක්ද කියලා ..එත් එ වචනයක් වචනයක් ගානේම එයා මගෙන් ඇස් නොගෙනම කියද්දි මගෙ මුලු ඇගම හිරිවැටිලා ගියේ ඇගේ තිබුන රෝමකූප පවා උලුප්පමින් වෙද්දී මන් ඉක්මනට පිස්සු නටන මගෙ හිත එක තැනකට ගන්න ට්රයි කලා... එත් ඒ ඇස් වල තියුනු බැල්ම එක විනාඩියක්වත් මගෙන් ඉවත්නොවෙද්දි මන් එයා දිහා බලන් හිටියේ නිකන් මෙලෝ සිහියක් නැති එකෙක් ගානට උනත් එයා කටකොනින් හිනාවෙලා ඇහිබැමක් උඩට උස්සලා ඔලුවත් ටිකක් උස්සලා වගේ අහද්දි මන් ඉක්මනට මොකුත් නැ කියන්න ඔලුව හෙලෙව්වා..