3 chapter

2.3K 293 105
                                    

"" ආර්න..... ""

අපි දෙන්නට හරියට ඇතුලටවත් යන්න බැරි උනා අපෙ අම්මා ...එ කිව්වේ අයේශා මැඩම්... මැඩම්ගේ උපරිම ශබ්දය දලා මට කැ ගැහුවා...

ඇයි යකෝ අම්මේ ඔහොම කැ ගහන්න ඕනිද කියලා අහන්න හැදුවත් මට ඒකවත් අහගන්න බැරි උනා.....13 සයන්ස් එකේ කොල්ලො කෙල්ලො ටික එ කිව්වේ ඉතින් අපිට ඉහලින් කියලා ඉස්කොලෙට ඉන්න එකම පරාන ටික අර පොත් පත් වලින් ඔලුව උස්සලා අපි දෙන්න දිහා බැලුවේ සත්තු දෙන්නෙක් ගානට .. හිතුවද දන්නෑ අපි මේ අන්ගොඩින්  පැනල එහෙමම එනගනම් කියලා.. විකාර .....
මල සමයන් බොල සබල් කිව්වලු... අක්කලා ටිකට නම් හරි හරියට හිනා විලිසන්ගෙ නැති ගැනු අම්මපා දැන් කාලේ ඉන්නේ......

"" මැඩම්... ""

අපෙ එකා හීන් සැරෙ මැඩම් කියලා ඔලුව නවාගත්තා..අනේ රෙද්ද මගෙ ලග නම් ඕවා නැ...ඔලුව නවන්නේ මොකටද වරදක් කරෙ නැත්නම් ...

"" ආර්න.. ඔහොමද ලමයෝ ක්ලාස් එහෙකට එන්න ඉගෙනගන්න තියෙන්නෙ ...ඇයි තමුන්ට එක්කියුස් කරන්න බැරිද...""

"" ඈ... අම්...නැ මේ මන් කිව්වෙ මැඩම්.. සොරි...""

යකෝ බලහන්කො අපෙ අම්මා.. අම්මෝ ඉතින් මහා ලොරි ටොක් දෙන්නෙ ඔය තමන්ගෙ එකම පුතාට නේද කියලා මතක්වෙද්දි මගෙ හිත වාවන්නෙ නැ බන් සගෝ... මන් ඉතින් ගැම්මෙන් අම්මා කියන්න ගිහිනුත් ආයෙත් මැඩම් කිව්වෙ නැත්නම් ඊලග සැරේ ඕකටත් කැ ගහනවා කියලා දන්න නිසා...

කොහොමත් අපේ අම්මා හරි නීතිකාරයා...හැබැයි  ස්කූල් එකෙදි විතරක්... එයා වැදගත් මන් නොවැදගත් ඕකයි වෙනස...

"" හරි හරි...ඊලග සැරෙ එද්දි පිලිවෙලකට එනවලා ගාල කඩාගත්ත හරක් පැටව් දෙන්නා වගෙ එන්නෙ නැතුව ....""

බලපන් සාන්ත අපෙ අම්මා ඔය මගේ සායම අරින්නෙ අර හතලිහක් විතර ඉන්න තැනක කියලා උබලට හිතාගන්න පුලුවන්ද ... බැරි උනත් එක තමයි ඇත්ත... මන් ඉතින් නිකමට වගෙ ඔලුව ටිකක් ඇල කරලා අරුන්ගෙ දිහා බලද්දි උන් ඔක්කොම උන්ගේ අර බීකර ටිකයි එවයි මෙවයි ඔක්කොම පැත්තකින් තියලා අපෙ දිහා බලන් ඉන්නවා..
යකෝ පකද බලන්නෙ මැජික් නැ ...

මන්දාරම් වැස්සක්....( Onhold)Donde viven las historias. Descúbrelo ahora