"" අනේ බන් යන දිල්ලියක මොනා හරි කලා යමුකෝ අඩේ.... බඩගිනි බන් යකෙක් කන්න....""
වෙලාව හවස තුනයි... ස්කූල් එකෙත් මදි නොකියන්න වටයක් කරක් ගහලා කොහොම හරි අවසානෙ කොන්දට පින්සිද්ද වෙන්න උගෙ අර පොල්ල අල්ලගෙන යන්තම් දෙක වෙද්දී ඉන්ඩිගෝ එක ලගින් බැහගත්තේ ඩාන්සින් ක්ලාස් යන්න... රෙද්ද ඉන්ඩිගෝ තමයි ඇති ඉන්ඩිගෝවක් නැ මුන්ට මේවට දාන්න වෙන නම් තිබුනේ නැද්ද මන්දා ඔය වගේ විකාර ඒවා දන්නේ
ක්ලාස් එක ඉවරවෙලා එලියට අවා විතරයි මලිශයා දනිස් දෙකට අත් තියාගෙන පාර අයිනෙම දෙකට තුනට නැවුනේ බඩත් අල්ලගෙන ... මොනා කරන්නද නොකිව්වට මොකද මටත් බඩගිනි තමයි ...
""'ඒ... වරෙන් වරෙන්...අර හොල්ට් එක ඉස්සරහා නානගෙ කඩින් මොනා හරි බඩට දාගමු.... වරෙන් දැන් හවස් වෙලා නිඩා පොර දාඩිය පොල්ල දාගෙන ආප්ප ගහනවා ඇති ..."""
"" ඉද්දකින් කන බොන එවට කැත කතා කියන්න එපා ගස් බල්ලෝ...."
"" කවුද කැත කතා කිව්වෙ ... මගෙ නෙවෙයි තොගෙයි හිත කැත මෝඩ උලමා.... වර යන්න මටත් බඩගිනි....'"
මන් අරූගේ අතකින් ඇදගෙන කෙල්ලව පරිස්සමෙන් පාර මාරු කරන හැන්ඩි කොල්ලා වගෙ මලිශත් ඇදගෙන පාර මාරු වෙලා නානගෙ කඩේට ගිහින් බඩ පැලෙන්න නැතත් යාන්තමින් බුරිය උල්වෙන්න ටිකක් කලා ඉවර වෙද්දිත් අරූ සොටිස් බන් අනන් මනන් ගොඩාක් එවට වග කියලා... කොල්ලො උනාම කලා බිලා ඇග පොඩ්ඩක් හදාගන්නත් එපැයි එ නිසා මන් මොකුත් කියන්න ගියෙත් නැ...
"" ඒ කියටද බස් එක...""
"" ඒක එනකම් ඉන්න බැ බන්... අපි අරකේ එල්ලිලා ගිහින් හන්දියෙන් බැහැලා යමන්....""
කලා ඉවරවෙලා ස්ටැන්ඩ් එකටවත් නොයා අපි එ ඉස්සරහා තිබුන බස් හොල්ට් එක ලග ඉද්දි මන් ඇහුවේ පරක්කු උනත් අවුලක් නැති නිසා..මොකද ඉතින් අද යන්නෙ උගෙ ගෙදරනේ ඉක්මනට ගියා කියලා ඕවගේ බල්ලෝ පුසෝ ඇරෙන්න වෙන කව්රුත් නැ...
අරූ මොකක්ද මන්දා ctb ලඩයක් පෙන්නද්දි ඕනි මගුලක් කියලා මාත් නැන්ගා.. පැය බාගෙකට විතර පස්සෙ උන්ගේ ඔය කියපු මහා ලොකු හන්දිය ලගින් බැහැලා ඌ ඉස්සර වෙද්දී මාත් හිමින් උගේ පස්සෙන් ගැටුවේ ඇත්තටම අද කකුල් රිදෙන නිසා...
YOU ARE READING
මන්දාරම් වැස්සක්....( Onhold)
Non-Fictionඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...