24 chapter

1.4K 177 55
                                    

නුහස් අයියා..........

එ හිටියේ එයා.... එත්.....

"" දැන් ඉතින් මුන කුන්ඩවාලයක් වගේ කරගෙන බලන් හිටියට වැඩක් නැ මෝඩ පැටියෝ...... අයියා මේ ටිකේම අවුලින් හිටියේ... මන් කවදාවත් දැකලා නැ ඌ ඔහොම ඉන්නවා......මෙ ටිකේම උදේට ගේට් එක ලගට වෙලා මන් එනකම් මගබලන් හිටියේ ...... එත් ඉතින් එ මන් එනකම් නෙවෙයි කියලා උබට අමුතුවෙන් කියන්න ඕනි නැනේ.....මොනා උනත් පව් බන් ....අනේ මන්දා ....... """

"" මොනවා වෙලාද බන් එ..... ??""

"" සිහියකින් නෙවෙයිනේ ඉන්නෙ ආරූ...ඊයේ අර මේන් හොල් එකේ කැඩිලා තිබුන ජනේලක විදුරුවකට අත කපාගෙන..... කොච්චර අවසිහියෙන් ද හිටියේ කියනවා නම් අපේ එකයි වගීශ අයියයි කියද්දෙන්වත් පොර දන්නෙ නැ කැපිලා කියලා ....බුරුවෙක් වගේ ඔක්කොම එකයි..""

"" අනේ.... එ..එත්...මන් ....""

"" හරි හරි උබ එකට පලි නැනේ වරෙන් යන්න නැත්නම් අද ගේට් එකින් එලියේ තමයි ඉන්න වෙන්නෙ....."""

මන් හිටිය විදිහටම එයා දිහා බලන් ඉද්දි මලිශ කියාගෙන ගියේ කේන්තියක් හිතේ තියාගෙන උනත් ඌ එක මන් ඉස්සරහා නොපෙන්වා හිටියේ මට කැ ගහන්න බැරි නිසා වෙන්න ඇති .......

එත්....මගේ පපුව ටිකකට කලින් තිබුනටත් වඩා රිදෙන්න ගත්තා ...... මොනවා කරන්න ගිහින්ද මන්දා අතකුත් බැන්ඩේජ් කරගෙන ඉන්නේ......කවදාවත් නැතුව මගෙ පපුවෙ කොනක ඉදලා ආව වේදනාව මාව වෙලාගනිද්දි සාක්කුව ඇතුලේ තිබුන අත මිටමෙලවෙද්දි මන් එයා දිහා බලන් හිටියේ මගේ හිතට මන් ගැනම ලොකු කලකිරිමක් දැනෙද්දී ...........

උඩින් මොනම දෙයක් කියලා හිත රවට්ටගත්තත් හිත යටින් මාස ගානක් හොයපු රූපෙ..... මෝඩකමට හරි නොතෙරෙනකමට හරි කියවලා කියවලා ගියත් හරි ආසවෙන් හැමදාම වින්ද රූපයක්...... ඊටත් වඩා කාලේකට කලින් මන් හීන වලින් පවා දැක්ක රූපයක්....පාඩම් කරන්න ගත්තත් නිදාගන්න ගියත් මතක් උන රූපයක්.....ඉතින් කොහොම කියන්නද මන් එ මනුස්සයාට ආදරේ කරන්නේ නැ කියලා......

දවස් ගානක් ස්කූල් ආවෙත් නැත්තේ ඔය මනුස්සයාට මුන දෙන්න බැරි නිසා නෙවෙයිද බන් ආරූ .......??? මගෙ හිත මගෙන්ම අහද්දි මන් සාක්කුවට අත් දෙකත් දාගෙන ටිකක් වෙලා දුර ඉදන් එයා දිහා බලන් හිටියේ පපුවත් අද වෙනදට වඩා ගැහෙන්න ගනිද්දී ...... එත් මන් එයාගෙන් මෙ වගේ පෙනුමක් බලාපොරොත්තු උනෙ නැ....කොහොමත් එයාට එ වගෙ පෙනුමක් ගැලපුනේම නැ කියලා මට හිතුනේ ......වෙනදා හිනාවෙලා ඉන්න එ මුන අද මැලවෙලා ගිහින් ..... එ මන් නිසාද......???...

මන්දාරම් වැස්සක්....( Onhold)Where stories live. Discover now