"" අහ්..සීතාම්මේ අම්මා අවේ නැද්ද තාම....??""
"" අනේ නැ චුටි බේබි... මාත් මෙ මගබලන් හිටියේ එක තමයි ..බලන්නකෝ දැන් නවයත් පහුවෙලානේ බබා.. ...""
"" එකනේ අනේ මෙයා කොහෙ ගිහින්ද....? වෙනදා මෙ වෙද්දී ඇවිදින්නේ...""
රැ නවයත් පහුවෙලා තියෙද්දි මන් පහලට ගියේ පාඩම් වැඩ ටිකත් ඉවරවෙලා උනත් අම්මා ඇවිදින් හිටියේ නැ.. මන් යද්දිත් පුරුද්දට වගෙ සිතාම්මා වැරන්ඩා එකට වෙලා මග බලන් ඉන්නවා.. මාත් ඉස්සරහා බැම්ම උඩින් ඉදගෙන කකුල් දෙකත් පහලට දලා ඉදගත්තේ ගේට් එක දිහා බලාගෙනමයි...
"" බේබි..කොල් එකක්වත් අරන් බැලුවා නම් හරි නේද...??... කවුද දන්නෙ වාහනේවත් කැඩිලද කියලා ....""
සිතම්මා එහෙම කියද්දි තමයි මටත් මතක් උනේ.... මන් එහෙමම සාක්කුවේ තිබුන ෆෝන් එක අරන් අම්මට කොල් එකක් ගත්තා...සැරයක් දෙසැරයක් රින්ග්ස් යද්දී එයා අන්සවර් කලේ මගෙ ගැගෙන පපුවට යාන්තමින් හරි සහනයක් දැනෙද්දී .... මන් එහෙමම මගෙ පපුවත් හීමීට අතගාගත්තේ රිදිලා ගිය හිත මමම සනසවගනිමින්....
"" සුදු පුතා... මන් මෙ ලග....'"
"' කොහෙද අම්මා යන්නෙ මෙච්චර රැ වෙලා.. ?? බලන්නකෝ වෙලාව කීයද කියලා .....""""
මට දැනුනෙ අමුතු බයක්...එක නිකන් හරියට බැරිවෙලාවත් එයාට කරදරයක් උනොත් මට මොකක්ද වෙන්න කියලා හිතෙද්දි දැනෙන බය වගේ.. මට කියලා ඉන්නෙ එයා විතරක් නිසාද දන්නෑ වෙලාවකට මහා පුදුම විදිහට මන් බයවෙනවා ...
"" හරි හරි බය නොවි ඉන්න..මන් මෙ ලග ඉන්නෙ තව විනාඩි පහයි දරුවෝ.......""
"" අනේ මන්දා අම්මා.... ඔයා මාව බය කරනවා... ඉක්මනට එන්න...""
මන් එහෙමම ෆොන් එක කට් කරලා දැම්මා... ඇත්තටම එයා නැති දවසක් ගැන මන් තාම හිතලාවත් නැ.. නැ සමහර දාට මට එහෙම බය හිතෙන හීන පවා පේනවා එත් මන් ඒවා හරි ඉක්මනට හිතෙන් අමතක කරලා දානවා .. මන් කැමති නැ හීනෙන්වත් එයාව මට නැති වෙනවා බලන්න.. අම්මා කියන අකුරු තුන ලග මන් තරම් සෙන්සිටිව් කෙනෙක් තවත් නැතුව ඇති....
"" අම්මා ලගලු සිතාම්මා ඔයා යන්න ගිහින් කලා නිදාගන්න මන් එයා අවාම කන්නම්....""
YOU ARE READING
මන්දාරම් වැස්සක්....( Onhold)
Non-Fictionඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...