මන් අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන සහස් අයියා කියාගෙන එ විකටයා ලගටම යනකම් ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉදලා මන් ඌව බදාගන්න ඔන්න මෙන්න තියෙද්දි මෙකා එතනින් අයින් උන පාර .. දෙයියනේ කියලා මන් ගිහින් දැත බදලම නුහස් අයියව බදාගත්තා ... ශියා..... සහස් අයියව බදාගන්න හරියටම දශමයයි තිබුනේ මෝඩ හිකනලා....
මොන නෝන්ජල් වැඩක්ද එ උනේ...යකෝ අද දවසට මන් මූට තුරුල් උන දෙවනි පාර නේද මේ.... අර සහස් කියන සලබ කුරුල්ලා තමයි මෙ ඔක්කොටම මුල.. අපරාදේ මන් උගේ හිනාවට ආස උනේ... දැන් ඉදාලා සහස් අයියගේ හිනාව මගෙ මෙ ඇස් වලට කැතයි කැතම කැතයි එච්චරයි ...... මලිශයාටවත් ඕකගෙ හිනාව ලස්සනට පෙන්න එපා මට ඒ කරපු අපරාදෙට තූහ්හ්....
පැනපු පාරට නුහස් අයියට බැලන්ස් නැතුව ගිහින් වැටෙන්නත් ගියා ..වෙලාවට පිටිපස්සේ ගෙට් එක තිබුන නිසා ශෙප් උනා... එ උනාට එයා මාර හොදයි අප්පා එක අතක් ගෙට් එකට තියලා අනිත් අතෙන් මාව තද කරගෙන ඉන වටෙට අත දලා අල්ලගත්තා.... නැත්නම් මන් උගෙ ඉස්සරහා ගෙම්බා පොලවෙ ගැහුවා වගෙ අත් කකුල් හතර අතේ දාගෙන වැටෙනවනේ.... එ උනාට එකා අල්ලන්නෙම මගෙ සුට් ඉනනේ එතකොට මට මොකක්ද වෙලා යනවා... ටිකක් ලැජ්ජත් වගේ අම්මා ඉස්සරහම එයාගේ අහින්සක සුදු පුතාගෙ ඉන අල්ලද්දි.... එක්කො කමක්නැ එකෙත් පොඩි ලල් එක්ක නැත්තෙම නැ මන් නම් කියන්නෙ..
එ උනාට මට පිටිපස්සේ හිටපු ඔලුබක්කො දෙන්නම මහා කැත විදිහට හයියෙන් හිනා උනේ මාව මෙ ලොකෙ තියන දරුනුම ලැජ්ජාවට ඇදලා දලා... මොනා කරන්නද ආරූ සහස් මොකද නුහස් මොකද එක අකුරනෙ වෙනස කියලා මන් ඌව තව ටිකක් හොදට බදාගද්දි උගෙ අතෙ තිබුන අර දඩාර පොත් ටිකත් බිමට වැටුනා... පව් අප්පා
"" සුදු ඔය දරුවව අත හැරලා මෙහෙට වරෙන් ඇ.... ""
"" අ..අනේ..මට බැ අම්මා..දැන් කීයක් ගැහුවද අප්පා... ??""
අපේ අම්මා මාව හොයාගෙන ලගට එද්දි මන් තව ටිකක් නුහස් අයියගෙ ඇග වටේම අත් දෙක දලා පොඩි එකා වගෙ එල්ලිලා උගෙ අත යටින් අපෙ අම්මා දිහා බලලා කියද්දි මු නිකන් අත බූත වෙලා වගෙ එකපාරටම මාව අපෙ අම්මා ඉන්න දිහාවට හැරෙව්වා...
YOU ARE READING
මන්දාරම් වැස්සක්....( Onhold)
Non-Fictionඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...