වෙලාව ගෙවිලා යන්නෙ හරිම ඉක්මනින් ...එහෙ බලලා මෙහෙ බලද්දි දවසින් බාගයක්ම ගිහින්... උදේ ඉදලම වැඩක් නොවුනට ඉන්ටවල් එකින් පස්සෙ අනිත් පිරීයඩ් තුනම අපිට ඉගැන්නුවේ අනුර සර්.... නම් කියන්න හොද නැ තමයි එත් එ රා බඩ දකිද්දි මොකුත් නොකියා ඉන්න හිතෙන්නෙත් නැ...
අපෙ ගෙවල් ලග ඉන්න අක්කගෙ බඩට මාස පහක් වෙලාවත් ඇත්තටම එ තරම් ලොකු බඩක් නැ... එ අක්කගෙ බඩ මන් මිට මාස ගනකට කලින් දැක්ක විදිහටම තමයි දැනුත් තියෙන්නෙ ...එක්කෝ එකිත් අර මොක්කුද වගෙ බඩ අස්සෙ ගහගෙන කුඩු ජාවාරම් කරනවද දන්නෑ ..ඇත්තමයි වෙලාවකට ඔය සමහර බඩවල් දකිද්දි එහෙම විකාර දෙවලුත් හිතෙනවා මට මෙහෙම හිටියට...
"" ලහිරු... ඔය මොකක්ද ලියන්නෙ ... මන් උබට ගිරා සන්දේශෙ කවියක් මිස විරහා කවියක් නෙවෙයි බොල ලියන්න කිව්වෙ... ""
"" ඉතින් සර්.. මාලගිරවියේ..මාලගිරවියේ ...කියන්නෙත් ගිරා කවියක් තමයි ... ""
ලහිරුවා ඔහොමමයි හැමදාම ගොබ්බ වැඩක් කරේ නැත්නම් ඌට එදාට කැවේ නැ වගේ තමයි ....
"" උබලට අදත් පොලිම් පිටින් රවුමක් යන්න ඕනිද..??""
"" හුත්## අම්මපා අද නම් එහෙම උනොත් තොව මන් ඇහෙ ඉදාලා පට්ට ගහලා අපේ ගෙදර ඉන්න අර නකුටු බැල්ලිට කොට්ටයක් මහලා දෙනවා දැනගන් ගන් කබරයා....""
සර් අර කන්නාඩි දෙක යටින් අපි ඔක්කොම දිහා බලලා කියද්දි මලිශයා අරූට විතරක් ඇහෙන්න මරනීය තර්ජනයකුත් කලා..
ඔය ඔක්කොම වෙද්දී මන් හිටියේ හිටියේ පොත උඩම ඔලුව තියාගෙන කවියාගේ අතිශයොක්තිය දනවන මොකක්ද මන්දා කුනුහරපයක් වගෙ තියන කවියක් ලියන ගමන්... ඇත්තටම හිත හොද වැඩි උනාමත් කුනුහරප හිතෙනවා වැඩිද කොහෙද මන් නම් හිතන්නෙ...
"" පයියාගල වෙහෙර
මුනි රූ බලා වෙසෙසින්.
වයියා කරන් මනරම්
පල්රම් හිසින් සතොසින්"මොන ප### ගැන කියනවද මන්දා සරූත් මේ ගෙදර යන්න ඔන්න මෙන්න තියෙද්දි...අවසාම පිරියඩ් එක නම් වෙලාවකට සාපයක් වගෙ...උදේ ඉදලම එකතු උන නිදිමත කම්මැලිකම ඔක්කොම ටික එන්නෙත් ඔය වෙලාවට තමයි රෙද්ද ..
VOCÊ ESTÁ LENDO
මන්දාරම් වැස්සක්....( Onhold)
Não Ficçãoඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...