දෙයියනේ කියලා හිතට මහා බරක් වෙලා තිබුන විභහගෙත් අදින් ඉවරයි ..මහා ලොකු දෙයක් නොවුනට exam එක තියෙද්දි ඔය කොච්චර කිව්වත් හිතට මහා බරක් එක.... සතියක් තිස්සෙ තිබුන එ හිසරදෙත් ඉවර නිසා පුදුම සැනසීමක් දැනුනේ ...හප්පා... එක නිකන් හෙන ගගහා වැහපු වැස්සක් එක සැරෙට පායලා ගිහින් හොද නැවුම් එලියක් වැටුනා වගෙ ෆිලින්ග් එකක්... වාහ්හ්හ්....හෙට ඉදාලා සතියක් මන් නිදහස් කුරුල්ලෙක්...
අපි ඔක්කොම ග්‍රවුන්ඩ් එක ලගට ඇවිත් හිටියේ සතියකින් පස්සෙ ලැබුන නිදහස උපරිම බුක්ති විදින්න හිතාගෙන...ග්‍රවුන්ඩ් එකට උඩින් තිබුනේ ලොකු ගල්තාලාවක් එතන ලොකු මාර ගහකුයි තව අඹ ගස් වගයකුයි තිබුනේ නිදහස් වෙලාවට වාඩිවෙලාම ඉන්න වගේ...ගොඩාක් වෙලාවට ස්පොට් තියන දවස් වලට කොල්ලො කෙල්ලො මෙතන පිරිලා ඉන්නෙ ....
අපෙ උන් වොලි බොලයක් පොඩි උන්ගෙන් අරගෙන වොලිවොල් ගහනවා කට්ට අව්ව මැද.. පොඩි උන් ටික පැත්තකට වෙලා අපේ උන්ගේ වදාපු අම්මා අප්පටත් බනිනවා ඒ අස්සෙ ලහිරුවා ගිහින් උන්ට මොනවද කියලා පස්සත් ඇද කරලා ආයේ වොලි බොල් කොඩ් එකට යනවා...එකා ඊට වඩා පොඩි එකා....
මන් උන් ගාවට නොයා පැත්තකට වෙලා උන් දිහා බලන් හිටියේ හරි අසවෙන්...උන්ට නිකන් exam ඉවර උනා කියන්නේ රටක් රාජ්‍යයක් ලැබුනා වගේ.... අඩුම තරමේ උන් පේපර් එකෙ තිබුන දෙයක් ගෑනවත් ආයෙ කතා කරන්නෙ නැ... හැපු ඒකට කෙල්ලො....උන් හරි අමුතු ජාතියක් අප්පා....
කොච්චර අමුතුයිද කියනවා නම් උන්ට exam ටයිම් එකේදි අම්මපා අතින් ඇදලා කතා කරත් ආයේ උන් නෙවෙයි හැරිලාවත් බලන්නේ..මට නම් හිතෙන්නෙම පේපර් එක අතට ගත්ත ගමන් උන්ගෙ නාඩි වැටෙන එක නතරවෙලා භූත ආත්මයක් ආරූඩ වෙලා ලියනවද මන්දා ... වෙනදට සියබලා කොලෙ වැටෙන සද්දෙත් ඇහෙන උන්ට exam එක දවසට කන ලග කුන්චනාදයක් කරත් ඇහෙන්නෙ නැ වගෙ ඉන්නෙ..ලග ඉන්න එකාට මොකක් හරි කියලා දෙන්න වෙයි කියලා .... ඉතින් උන් අමුතු නැද්ද මන් අහන්නෙ ....
"" ආරූ... මට උබත් එක්ක ටිකක් කතා කරන්න ඕනි...""
""'ඔයා කියනවා නම් එනිටයිම් මැනික...උබ මගෙ පොක්කනේ.... වරෙන් වරෙන් ඇදිගනින් මගේ පැනි කුරුල්ලා... පෙන්නැද්ද දාඩිය පොල්ල දාගෙන ඉන්න හැටි විතරක්....""
YOU ARE READING
මන්දාරම් වැස්සක්....( Onhold)
Non-Fictionඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...