27 chapter

1.8K 107 28
                                    

"" කෝ නන්ගි  පුතා...හැමදාම මෙහෙම රැ වෙනවද...බලන්නකෝ වෙලාව...අනික කොල්ලා නෙවෙයි මොකා උනත් ඔය විදිහට රැ තිස්සේ කොහෙවත් යවන්න තියාගන්න එපා ...අද කාලේ හැදෙන් උන් සත පහකට විශ්වාස කරන්න පුලුවන්ද නන්ගි......''"

"" සුදු පුතා දැන් එයි අක්කේ...අනික සුදු මට දැන් ටිකකට කලිනුත් කොල් එකක් දිලා කිවුවා මග කියලා..අක්කා ගිහින් නිදාගන්නකෝ උදේ ඉදලා ඇවිදින් මහන්සිත් ඇතිනේ දුව නම් හොදට නිදි.....""

"" මට ඇති නිදිමතක් නැ බන්.... මන් මේ කල්පනා කලේ අපේ එකිත් මෙහෙට ආවට පස්සේ ඔය තාලේට හැදෙයිද දන්නැ කියලා.... ගමේ නම් මෙහෙම නැ ""

කොච්චර සතුටින් ගේ දොරින් ඇතුලට අඩිය තිව්වත් මගෙ හිනාව සැනින් මැකිලා ගියා....කුස්සිය පැත්තෙන් ඇහුනේ ජිවිතේ කවමදාකවත් මට අමතක නොවෙන කටහඩක්...මොන එහෙකට මෙහෙ ආවද දන්නැ මෙයා....ඔය මාර කැක්කුමෙන් මන් ගැන කියවන්නෙ අපෙ නැන්දා.....කාලෙකින් අපිව මතක්වෙලා තියෙන්නේ ඔය.....ඇයිද දන්නෙ නැ....මන් දන්න කාලේ ඉදලා ලොකු අම්මා මට වැඩිය කැමැත්තක් නැ.... ඒකට හේතුවත් ඉතින් අපේ තාත්තා කියන කෙනා....මොකද මන් ඉපදිලා ටික කාලෙකට පස්සෙ අම්මයි තාත්තයි වෙන් උනාලු නැන්දා කියන විදිහට එක මගේ පව්කාරකමලු...

ඕක කියලා කොච්චර නම් ඒ දවස්වල චුටි මගේ හිත රිදෙව්වද කියලා මන්වත් දන්නෙ නැති තරම්...ඔය නිසාම තමයි අම්මා මාව එක්කන් මෙහෙ ආවේ....කොයිදේටත් වඩා අම්මට වටින්නේ තමන්ගේ දරුවා කියනවනෙ...ඉතින් මගෙ අම්මට කියලා කොහොමද එක වෙනස් වෙන්නේ ලොකේ මන් අහලා තියෙන දැකලා හැමදේටම වඩා මට වටින්නෙ මගෙ අම්මා අම්මටත් එහෙමමයි කියලා මන් දන්නවා ඒත්...එකම එක වෙලාවකට මට හිතෙනවා එයලා කියන විදිහට ඇත්තටම මන් පව්කාරයිද කියලත්....

ඇත්තටම උබ පව්කාර කොල්ලෙක්ද ආර්න.....ඔය ප්‍රශ්නේ මන් මගෙ හිතින්ම අනන්තවත් අහලා ඇති...එත් කවදාවත් උත්තරයක් තියා මොකුත්ම ලැබුනෙ නැත් එකම දේත් ඒක විතරයි......

ජිවිතේ කොච්චර නම් එකිනෙකාට වෙනස්ද....කොච්චර කලත් අර කතාවට කියනවා වගේ කරුම ගෙවන්න ඉපදුන අපිට එ අස්සෙ සතුට හොයන්න බැහැ කියන කතාව එක අතකින් ඇත්තද කියලත් හිතෙනවා.....ලගකදි ඉදල හැමදේටම අඩන්න ගන්න හිත දැනුත් ඉස්සර වෙලා කදුලක් ඇස් අගින් කඩන් වැටුනා...මන් තාමත් ගෙ දොරලග...අම්මා එහෙම තාමත් ඉන්නෙ කුස්සිය ඇතුලෙ කාටවත් ම මන් ආව පෙනුනේ නැ....

මන්දාරම් වැස්සක්....( Onhold)Where stories live. Discover now