"" සුදු අදවත් ස්කූල් යන්නෙ නැද්ද ලමයෝ.....බලන්න දැන් දවස් තුනක්ම ඔයා ස්කූල් ගියේ නැ..... ""
"" අහ්...අම්මා... යන්නම් අප්පා.... තව ටිකක් නිදාගන්න දෙන්නකෝ..... ""
"" තව නිදාගත්තොත් ඉතින් ඔයා අදත් ගෙදර තමයි .... නැගිටින්න සුදු ..... ""
"" අම්මා මේ එක්කො අදත් ඉන්නම්කෝ..... ""
"" චුටි මේ අදත් ඔය කකුල රිදෙනවා එහෙම කිව්වොත් එහෙම ඔන්න මන් ඔයාව ඔය බැල්කනි එකෙන් පහලට දානවා අනිත් අන්ඩත් කැඩෙන්න..... ආයේ මට කියන්න තියන්න එපා ඉක්මනට නැගිටලා ලැස්තිවෙනවා මාත් එක්කම ස්කූල් යන්න....... """
පේනවනේ බැනේ කරන්න අපේ සයන්ස් මැඩම් එක්ක..... පාන්දර හතරේ ඉදලා එයා ඔය බැගිරි දෙන්න පටන්ගත්තේ මට..... එක අතකින් කැගහ එකත් සදාරනයි .......
දවස් තුනක්.... ඔව් දවස් තුනක් කවදාවත් නැතුව මන් ස්කූල් ගියෙ නැ....... මන් ජිවිතෙට බැරිම උනොත් ඇරෙන්න එහෙම ස්කුල් කට් කරපු එකෙක් නෙවෙයි එත්....එදා විකෙන්ඩ් එකේ නුහස් අයියා එක්ක උන කතාව නිසා මට කවදාවත් නැතුව ස්කුල් යන්න බැ හිතුනා.....
මන් දන්නෙ නැ මන් කලේ හරිදෙයක්ද නැත්නම් වැරදි දෙයක්ද කියලා එත් මන් එ දේවල් ගැන ඕනිවටත් වඩා කල්පනා කරලා මන් විහින්ම ප්රශ්න හදාගෙන අවසානේ එක එහෙම කරොත් මෙහෙම වෙයි අරහෙම කලොත් මෙහෙම වෙයි කියලා මන්ම උත්තර හොයාගෙන ...ගොඩක් තැන් වලදි මාවම රිදවගත්තා.....
දෙයක් වෙන්න කලින් ගොඩක් ඈතට ගිහින් වෙන නොවෙන දේවල් ගැන පවා තනියම හිතින් හිතලා විදවන ලොකේ පලවෙනි එකා මන් විතරක් නෙවෙයි වෙන්න ඇති..... මොකද ගොඩක් මිනිස්සු එහෙම තමයි .... එක මෝඩකමක්ද මොකක්ද කියලා මන් දන්නෑ එත් එක එහෙමයි.....
මන් ගෙදර ඇවිල්ලත් හුගක් කල්පනා කලෙ ආයේ කොහොමද කලින් හිටියා වගේ සැහැල්ලුවෙන් එයා ඉස්සරහා ඉන්නෙ කියලා .....එත් මන් දන්නවා එයාට වඩා මට එක කරන්න බැ කියලා ...... බැදීමක් නැ කියලා කිව්වට මහා මොකක්ද අමුතු බැදීමක් තිබුනා කියලා මන් දන්නවා...
අම්මටත් මොනවා හිතිලද දන්නෑ එයා මෙ දවස් ටිකේම රැට මන් නිදාගන්න අවට පස්සෙ ලගට ඇවිත් මගේ ඔලුව අතගාලා බර හුස්මක් හෙලලා යනවා.....සමහර විට එයාට දැනෙන්න ඇති මන් ඉන්නෙ දුකින් කියලා ..... එහෙම නොවෙන්න විදිහක් නැ මොකද මන් එයාගේ පුතා...එයාට තරම් මාව තෙරුම්ගන්න පුලුවන් කෙනෙක් තවත් නැතුව ඇති......හුගක් තැන් වලදි වචනින් නොකියන දේවල් පවා මගේ අම්මා හරි ලස්සනට තෙරුම්ගත්තා.... එක අතකින් එයා එ වගේ කෙනෙක් උන එකත් මට සැහැල්ලුවක් .....
YOU ARE READING
මන්දාරම් වැස්සක්....( Onhold)
Non-Fictionඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...