"" ඉලන්දාරියාට ගෙදරත් මතක් වෙලානේ.... "
""අ..අනේ ඉතින් ඕම කියන්න එපා අප්පා... මම තරහාවෙලා දුකින්නේ ගියේ... ""
මන් ගෙට ගොඩ වෙද්දිම ඉස්සරහා පොටිකොවට වෙලා හිටිය අම්මා කියද්දි මන් දුවලා ගිහින් එයාව බදාගත්තා... එයාගේ ලගින් එන සුවද මට දවසයි මිස් උනේ එත් එක මහා ගොඩාරියක් වගෙ දැනුනෙ මට...
"" ස්..සුදු පුතා..මෙ මොකද මේ... විහිලුවට කිව්වේ මැනික... මන් දන්නවනෙ මගෙ කොල්ලට අම්මා නැතුව වැඩිකල් ඉන්න බැ කියලා ...""
"'ම්ම්...එකනේ....එ...එඋනාට මට දුකයිනේ .... ""
අම්මා කිව්වෙ මගෙ ඔලුව අතගාන ගමන්... එයා දන්නවා මන් හැම වෙලෙම මෙහෙම ලාමක විදිහට හැසිරෙන්නෙ නැ කියලා ....එත් අනේ මන්දා අද මගෙ හිතට හරි නැ..මහා මොකක්ද මන්දා නොතෙරෙන දුකක් හිත ඇතුලෙ කැකැරෙනවා වගෙ දැනුනෙ ...
අනේ මට ඇත්තටම අඩන්න ඕනි වගේ ..එත් මට බැ අඩන්න..මන් කවදාවත් අම්මා ඉස්සරහා අඩලා නැ..මන් කවදාවත් අඩන්නෙත් නැ...මොකද එයා කියන්නේ එයාගෙ එකම හයිය මමලු ඉතින් කොහොමද මන් එයා ඉස්සරහා දුර්වල කෙනෙක් වෙන්නේ... අහේතුකව ඇස් අගට ආව කදුලු ඇහිපිය දෙක තුනක්ම ගහලා නතර කරගත්තේ හරි අමාරුවෙන් මන්
"' කෝ කෝ ගිහින් වොශ් එකක් දාගෙන කැම කන්න... බලනවා දාඩිය ගද...''
"" අනේ මේ මන් ලග සුවදයි... ""
මන් මගෙ ශර්ට් එකත් ටිකක් උස්සලා නාහෙට අල්ලලා බැලුවා.. අනේ බොරු මෙයාගෙ ඔය කියන තරම් ගද නැ...එහෙනම් ඉතින් කොහොමද අර හොතම්බුවා මාව තුරුල් කරන් ආවේ...එක්කෝ අපෙ අම්මත් එක්ක අර ලැබ් එක අස්සම ඉදලා මුන්ගෙ නහය කුරුවල් වෙලාද දන්නෑ ...
"' ඔව් ඔව් එක තමයි නහය කඩාගෙන යන්න ආවෙ.. ගිහින් ඔය රෙදි ගලවලා දලා සොදගන්නවා ඇග...""
"" මොකක්ද අප්පා කන්න මොකුත් නැ.. බඩගිනි...""
" පලයන් ගිහින් ඔක්කොටම කලින් සෝදගෙන වරෙන් සුදු ... පෙන්නෙ නැද්ද හැටි...."
ඔය පේනවමේ...ඔක තමයි අම්මගෙ ආදරේ ... යකෝ මෙ හොදින් කතා කරනවා අයේ එහෙ හැරිලා මෙහෙ බලද්දි මරන් කන්න හදනවා..හිතන්න එපා අපෙ අම්මා කියලා හැමනිතරම මට හෙන ආදරෙන් කතා කරනවා කියලා එහෙම නැ බන්....මන් නම් හිතන්නේ ඔය මොන අම්මත් එකයි... ගහන්න මොකක් හරි නැත්නම් ඉදලේ ඉරට්ටක් අරන් දිලා අරියි ආයේ මදි නොකියන්න ....
YOU ARE READING
මන්දාරම් වැස්සක්....( Onhold)
Non-Fictionඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...