විනාඩියක් නැ යකො පැය බාගයක් ...ඔව් හරියටම තත්පර කටු අනන් මනන් තියන කටු වලින් කොහොම කිවවත්..... ඔරලෝසුව කොහෙට හරවලා බැලුවත් මට පෙනුනේ එකම දේ එක....
"" යකෝ මලිත්තෝ.... පැය බාගයක් අපි මෙතන රැගුවද බන්....''
"" ආයෙත් අහලා ... ඔව් බන් ඔව්... අර බලපන්කෝ අර නන්ගිලා ටිකගේ සිරික්කිය.... ""
නටලා පද්දලා අවසානේ හෙම්බත් උන අපි ටිකට අවසානේ නහයින් කටින් හුස්ම ගන්න සිද්දවෙද්දි මට නිකමට වගෙ මගෙ අතෙ තිබුන ඔරලෝසුව දිහා බැලුනා...යකො හෙනගහන්න එපැයි ...මු අපිව පැය භාගයක් ඔෆිස් එක ඉස්සරහා නටවලානේ මගුල.....
මන් මට එහායින් හිටිය මලිත්තගෙ පිටට එකක් ගහලා කියද්දි එකා වෙන මගුලක් කියවනවා....
ඕකා ඔහොමම තමයි ගවුම් කැල්ලක් දැක්කොත් ඇති යන්නේ ටෙන්ට් රෙදි ගහන්න ලබ්බා...
"" හා හා ..දැන් යනවලා ක්ලාස් එකට ඔක්කොම ...ආයෙ එහෙම අහුවෙන්න එපා එකෙක්වත් මට ... ''
"" සර්..එතකොට අර තුත්තිරි ....ඒවා එපාද...??""
"" හරකෝ... තෝ හරකෙක් වෙන්න ඇති එත් මී හරකෙක් කියලා පෙන්නන්න එපා තිරිසනෝ.... තොට මේ පැද්දුව ඒවා මදිවෙලාද ආයේ ඉල්ලන් කන්න යන්නෙ ....""
එව්ව්.. ඔය කිව්වෙ උම්බෑ කියලා ...නොද්දකින්න් යකෝ .....ලහිරුවා ඔහොම්ම තමයි කිසිම අප්ඩෙට් එකක් නැ.... ඔහේ වැල යන පැත්තට මැස්ස ගහනවා එච්චරයි ...ඕකට තියෙන්නෙ අර අපේ ස්කූල් එකේ සමහර නම්කිලාට වගේ පොතේ දැනුම විතරයි ...සමාජේ දැනුම නම් අන්තිමයි ....
"" වෙලාවට උබ එකක් ගැහුවේ..මගෙ ලග හිටියානම් තව එකක් අනිනවා මන් ඕකට අම්මගෙන් බිපු කිරි මතක්වෙන්න සෙද්ද....''
මොනා උනත් ලහිරුවාගෙ පිටට ජබොස් ගලා එකක් ගහපු මලිත්තට මන් හිතින් පින් දෙන ගමන් ටිකක් අගේ වැඩිවෙන්නත් එක්ක කියලා කටිනුත් කිව්වා...නැත්නම් ඒකත් නිකන් මදිකමක් වගෙනෙ...
"" ආර්න....'''
"" සර්....""
මන් මලිත්තා එක්ක කියවන්න ගද්දි සර්කාරයා ආයෙත් කැ ගහන්න පටන්ගත්තා අම්මාපා මූ කැ ගහන නැකතකින්වත් ඉපදුනාවත්ද මන්දා ඒ තරම් කැ ගහනවා රෙද්ද ... යකෝ අපි තාම තරුනයි හොදට කන් ඇහෙනවා ....
YOU ARE READING
මන්දාරම් වැස්සක්....( Onhold)
Non-Fictionඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...