මම දන්නෙ නැ එවෙලාවෙ මට මොනවා උනාද කියලා ...මට දැනුනෙ එක දෙයයි එ කොහොම හරි අර ගොන් ගහව වැවෙන් ගොඩට ගන්න එක විතරයි ....අපේ බුරු ලහිරුවා උදේම අපිටත් නොකියා ගිහින් එකා ඊයේ රැ හීනෙන් පුප්පපු නෙලුම් මල් හොයාගෙන එව්ව්ව් තිරිසන්නු වගේ අපෙ උන්....
මමයි මලිශයයි පන්සල මිදුල අමදින ගමන් හිටියේ ...නුහස් අයියලා ඊයේ උයපු පිහපු එවා අස් කරද්දී කෙල්ලොත් එවට උදව් කලේ කාපු බිපු තැන් හැඩි කරලා දාලා යන එක අපේ පුරුද්දක් නොවෙන නිසා...
එත් එක සැරේටම කගවෙනා වගෙ දුවගෙන ආව කොල්ලෙක් කැ ගහලා කියද්දි ලහිරුවා වැවට බැහැලා කෙන්ඩයක් පෙරලගෙන කියලා මන් ඉදලත් පැත්තකට විසිකරලා දලා දුවන් යද්දිත් උගේ පපුව ගාවටම වතුර එකා බයේ කැ ගහද්දි මට බලන් ඉන්න බැ මොනා උනත් ඌ මගෙ පන වගෙ ඉන්න යාලුවෙක්ගෙන් එකෙක්....මන් දෙපාරක් නොහිතාම වැවට පනින්න යද්දී කොහෙදෝ ඉදාලා ආව නුහස් අයියා මාව ඇදලා උගෙ ලගට ගත්තේ එක කරන්න හිතන්නවත් එපා කියලා උනත් මට එ වෙලාවෙ එයා කියන දේ අහන්න ඕනි උනේ නැ....
සමහර එයා හරි ඇති එයා කිව්වේ විනාඩියක් ඉන්න ගමේ අය ඉන්නවා වැව ගැන දන්න කියලා එත් මන් එවා ගානකටවත් ගන්නෙ නැතුව උන් ඔක්කොටම කැ ගහලා වැවට පැනලා අමාරුවෙන් ලහිරුවාවත් අල්ලගෙන ගොඩට ආවේ නිකන් හීනෙන් වගෙ....
"" බුරුවා තො හොදින්ද....??""
"" අවුලක් නැ බන්....""
මන් ගොඩට ආවේ දියකාවා වගේ හොදාටම තෙමිලා...මලිශයා මගෙ අතින් අල්ලලා අහද්දි ලහිරුවා එහෙමම බිම ඉදගෙන හිටියේ තාමත් ඌට වෙච්ච දේ හිතාගන්න බැරිව වගේ... මෙ මොඩ පගයත් යනවනේ ඕන්නැති රෙද්දාවල් අස්සෙ හැමිනෙන්න..
"" ආරූ උබේ කකුලින් ලෙ එනවනෙ පොඩි එකෝ...තෝ බුරුවා වගෙ පැන්නනේ කියනදේ නාහ... අපි කොච්චර බය උනාද යකො.... මොන හුත්##ද උබ එ කරේ....""
සහස් අයියා මගෙ ලගට ඇවිදින් මගෙ කකුල පෙන්නලා කියද්දි තමයි මාත් දැක්කෙ කකුල මොකක හරි වැදිලා තුවාලවෙලා කියලා ...
"" ඒක ගානක් නැ අයියා... සොරි ඔයාලව බය කලානම්... """
මන් කකුල දිහා බලලා කියද්දි සහස් අයියා ලොකු හුස්මක් පිට කරලා දැම්මෙ මෙච්චර වෙලා හිතෙ තිබුන බය පිට කරලා දාන්න වගෙ... ඇත්තටම මන් වතුරට බය නැ මන් කලින් ස්කූල් එකේ ඉද්දි ස්විමින් වලින් ගොල්ඩ් මෙඩ්ල් පවා අරන් තියේ එත් ඉතින් මෙවුන් එක දන්නෙ නැනේ...
BẠN ĐANG ĐỌC
මන්දාරම් වැස්සක්....( Onhold)
Phi Hư Cấuඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...