ජිවිතෙ කවදාහරිම දවසක අපි හැමොටම මුන ගැහෙන්න ඕනි හුගක් ආදරේ පිරුනු හිත් තියෙන ආදරනීය මිනිස්සු ...........
ඔය වචන ටික අද දවසට මට මතක් උනේ කීවෙනි වතාවටද කියලා මටවත් මතක නැති තරම්........වෙලාවකට හිතෙනවා සමහර වචන මිනිස්සු කිව්වේ නිකන්ම නිකන් ඔහේ හැගීමක් නිසා නෙවෙයි කියලා ...එ වචන ඇතුලේ එ අකුරු ඇතුලේ තිබුනෙම නොසැහෙන්න අමුතු ආදරනීය හිතක තිබුන අවන්ක හැගීම්....
පාර්ටිය ඉවරවෙලා අපි අවා වගෙම නුහස් අයියගේ කාර් එකේ නැගලා ගෙදාර එන්න ආවේ ගියාටත් වඩා අමුතුම සතුටක් හිත් වල තියාගෙන ......කියාගන්න බැරි තරම් හිත පිරිලා ....හරිම සැහැල්ලුවෙන් තිබුන මගෙ හිත මටම තෙරුම්ගන්න බැරිව ගියත් එ හැමදේකටම මුල මගෙ එහා පැත්තට වෙලා පාඩුවේ කාර් ඩ්ර්යිව් කරන එ කෙනා නිසා කියලා මට හිතුනේ.....නුහස් අයියගේ තිබුනෙම හිත නිවන්න පුලුවන් පෙනුමක්..එක ආයේ ආයේ දකින්න ඕනිවෙන විදිහෙ පෙනුමක්.....වෙලාවකට මට මන් ගැනම පුදුමයි වගෙ
ආසම කෙනත් එක්ක ආදරනීයම දවසක මෙහෙම ලගින් යන්න ලැබුන එකම මට ලොකු දෙයක් උනා....
මලිශව එයාලගෙ ගෙවල් ලගින්ම දලා වගීශ අයියාවත් එ ගෙ ලගින් දාලා මෙ මනුස්සයා මාව වට වන්දනාවක එක්ක ගියා වගේ වටයක්ම ගිහින් තමයි මේ යන්නේ....මටත් කවදාවත් නැතුව අද ගෙදර යන්න ලෝබකමක් දැනුනා.....නැත්නම් මන් ආසම තැන ගෙදර මගේ කාමරේ ඇතුලට වෙලා ඔහේ මනෝපාරක් ගහගෙන කල්පනා කරන එක......
ඒත්....
සමහර විර අර කතාවට කියනවා වගෙ ආස හිතෙන දෙවල් එක මොහොතකට හරි දලා යන්න අපි හැමෝම ලෝබ ඇති...තව ටිකක්...තව චුට්ටම චුට්ටක් එයා ලගින් ඉන්න ඕනියි කියන හැගීම මට ඕනිවටත් වඩා දැනෙද්දී මගේ මුනට ආවේ හිනි හිනාවක්...මන් හිතන්නෙ එක සැරෙටම මගේ දිහා බලපු නුහස් අයියටත් එක පෙනුනා...එයා එහෙමම මගෙ අතක් පිට අල්ලට හාදුවක් තියලා මගේ අතින් අල්ලගත්තේ මන් ආසම විදිහට හිනාවෙලා .....ඒකින් මුලු හිතම පිරිලා ගියා....
"" සුදු.....""
"" ම්ම්...""
ටික වෙලාවක් ගිහිනුත් ඇත්තටම මට කියන්න දෙයක් තිබුනේ නැ.....එ හැගිම මෙ තරම් ලස්සනයි කියලා දැනුනෙ අදයි මට....ආදරේ කරන අය දිහා කොච්චර බලන් හිටියත් එක විදලා නැති අයට එ හැගීම මෙහෙමයි මෙ වගෙයි කියලා දැනෙන්නෙ නැනේ...එ නිසාම වෙන්න ඇති මන් තාමත් හිටියේ කලින් සහස් අයියලාගෙ ගෙදර ඉදලා නුහස් අයියයි මමයි තනිවෙලා හිටිය එ කාමරේ ඇතුලේ...එක හරිම අමුතු හැගීමක්.....කියාගන්න මෙහෙමයි කියලා නොතෙරුනත් ආයේ ආයෙම මතක් කරලා විදින්න පුලුවන් හැගීමක්.....
YOU ARE READING
මන්දාරම් වැස්සක්....( Onhold)
Non-Fictionඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...