ඒ වෙලාව....... මං හිතන්නේ මැයි මාර ප්රසංගයේ කියන ' විශ්වයේ විශේෂ අවස්ථා කිහිපයෙන් එකක් ' වුනා.. වැරැද්දක් වෙලා සමාව ගන්න බය පොඩි එකෙක් ගේ මූණක් මට පේනකොට මට මොනවගේ මූණක් ද තිබුනේ කියලා මට විශ්වාසයෙක් කියන්න බෑ.... සමහර විට මට ඒ තත්පරයේ දෙකේ හුස්ම නැවතුනා එක්කෝ මම විතරක් හුස්ම අරන් අනිත් වටපිටාවම නතර වුනා වගේ දෙයක් දැනුනේ..මගේ අතින් ඇස්පිල්ලම් දෙක තුනක් එක දිගට ගැස්සුනා.. ඊට හපන් මගෙ හදගැස්ම .... පිට අල්ල උඩින් සිනිදු සීතල අතක් වැදුනම මට දැනුන ගැස්ම...... මට කියන්න තියෙන්නේ මේ ලෝකේ සිද්ධ වෙන හැමදේම වචන වලින් විස්තර කරන්න බෑ කියලා....... "දුනිත් අයියේ..." අච්චර අව්වක් වැටෙද්දි දැනෙන්න නොදැනෙන්න පින්නකුත් වැටෙන්න පටන් ගෙන තිබුනා... කොයිවෙලාවේ ඉදලා වැටුනද මන්දා...