17 කොටස

34 8 2
                                    


"දවස් කීයක්ද එයා ඉන්නේ"

"අලුත් අවුරුද්ද ඉවර වෙලා යයි නේ.. එහෙම අහන්න බෑ නේ කවද්ද යන්නෙ කියලා"

"විසාල කරදරයක් උනා නේ.. මොකෙක් හරි මැද්දට පයිනවා"

කවිත් කිව්වේ පාලම උඩ ඉදලා පහළ ඔයට ගලක් විසික් කරල දාලා..

"එයා හිටිය කියලා අවුලක් නෑනේ..ඔයාට වෙනද විදිහටම අපෙ ගෙදර එන්න පුලුවන්"

"අනේ මේ මං එන්නෑ.. යන්න කියන්න එයාට"

"හරි හරි. යං පහළට මිනිස්සු එන්න කලින් නාන්න පුලුවන්"

බයිසිකල් දෙකත් ඔය ගාවටම අරන් ඇවිත් නතර කරලා අපි ඔය දිගේ උඩට ගියා..ගස් ගොම්මනක් එක්ක අඳුරක් තියෙන තැනක් තියෙනව , එතන නාන්න එහෙමත් ලේසි.

"ඔයා කලින් කීපාරක් නාන්න ඇවිල්ල තියෙනවද"

"එක පාරක්.. ඒකත් ...අහ් ඉසල් අයියයි ගිනුකයි එක්ක"

"තල්ලු කරනව දැන් ඔයට මම ඈ"

කවිත් ඒක කිව්ව විදිහට මට හිනා ගියා... ඉයන්න හරි ගියන්න හරි කිව්ව ගමන් මූණ ඇබුල් කරගන්න එක වෙන හේතුවක් නෙවෙයි සුපැහැදිලි ඉසිරියාව කියලා මං දැන් දන්නවා.

"වතුරෙ පොඩ්ඩක් නටලා එහෙම නාමු ඈ.."

" පීනන්න පුලුවන්ද"

"අපි ඇන්තනිස් බෝයිස් යූ නෝ රයිට්"

"හ්ම් හ්ම්... පයින්න එහෙනම්"

"එහෙම පයින්න බෑ මේකෙ ගල් නේ...අපි හෙමින් හෙමින් ඇවිදගෙන ගැඹුරට යමු"

 අපි දෙන්නම ඩෙනිම් ශෝට් දෙකකට නිකන් ටීශට්ස් දාලා හිටියේ..ඒක පිටින්ම වතුරට බැහැලා පොඩ්ඩ පොඩ්ඩ ඔය මැදට ආවා.. වතුර සෑහෙන්න පිරිසිදුයි වගේම පොඩ්ඩක් ගැඹුරුයි..සීයා යි ග්‍රාමසේවක මාමයි දැඩි අවවාද දීලා අපිව එව්ව එකේ අවදානමක් ගන්න කොහොමත් බෑ..

ඒ හින්දා මං ඉස්සරහින් යන කවිත් ගේ අතින් අල්ලගත්තා..

"මං ගහගෙන යන්නෑ අනේ"

"කියන්න බෑ නේ.. කෝකටත්.."

"මේ එන වතුර පාරෙ හැටියට ඔහොම අල්ලගෙන නම් මදිවෙයි දුනිත් අයියේ"

WATERMELON | COMPLETEWhere stories live. Discover now