"මගෙ පැටියා... "
"අම්මෝ සීයා බස් වල සෙනඟ"
"එන්න වස්තුව.. මම බය වුනා "
"දැන් ආවනේ... බඩගිනි අප්පා.. තේකක්"
"තේ බිබී ඉන්නෙ අටටත් ළඟයි බත් කමු ..මම කැරට් සම්බෝල හැදුවා"
"තේ බීලා ඇඟ හෝදලා කන්නම්කො අනේ..."
"හා එහෙනම් මං හදන්නම් "
කරේ නිදාගෙන හිටිය කවිත් ව එහෙමම සීට් එකට හේත්තු කරලා වාහනෙන් බැහැපු මං එක පිම්මේ පඩිපෙලෙන් නැගලා ගෙදරට දුවගෙන ආවා.. ග්රාමසේවක මාමත් මං උඩට එනකල්ම වාහනේ නතර කරන් ඉදලා ඒ ටිකටත් මඟට ආපු සීයට පොඩි හෝන් එක්කුත් ගහලම යන්න ගියේ..
බෑග් එකත් අරන් කාමරේට යනකොටම වගේ කවිත් ගෙන් මැසේජ් එකක් ආවා.
"Aharawann epei .bahala giye😒"
"😅 oy aharala inne"
"yai yai yai thama"
ඒ ගමන් ම කවිත් ඕෆ්ලයින් ගියා.. මං හිනාවෙලාම ඇඳුම් ගලවලා දාලා තුවායකුත් ඇඳගෙන තේඑක බොන්න කුස්සියට ආවා.
"හෙටයි අනින්ද්දයි ත් ස්ට්රයික් එක තියෙයි ලු. කවිත් ට ඉස්කෝලේ යන්න වෙන්නෙ නැති වෙයි පුතා"
"කිව්ව මාමත්. කාගෙද සීයා වාහනේ"
"අනේ දිල්ක පුතාලගේ. අහපු ගමන් ම දුන්නලු.. ඒකත් තිබ්බෙ නැත්තන් වීල් එකක් අරන් තමා යන්න වෙන්නෙ.. ඒත් වීල් කාරයෝ පොලිසියෙන් ඉන්න හින්දා යන්න කැමති නෑ නේ"
"ම්ම් ම්ම්.. කවිත් ආව බස් එකේ හුළං බැහැලනෙ පිටියෙගෙදර ඉදල පයින් ඇවිල්ල තියෙන්නෙ. මට කවිත් ව රේල් පාට ගාවදි හම්බුනේ ඒ ටිකට හෝල්ට් එකේ බස් හරවලා ටයර් එහෙම පුච්චල.. සීයා , අපිටත් එන්න කිව්ව ස්ට්රයික් එකට අපි ආව එන්න."
"කවිත් ටත් බය හිතෙන්න ඇති කළුවරෙත් එක්කනේ.. දැන් කොහොමහරි පරිස්සමට ආවනෙ දෙන්නම... ඔයා හිටියේ ඒ දරුවගෙ වෙලාවට එයා හිටියෙ ඔයාගෙ වෙලාවට මොනා වුනත් දෙන්නට දෙන්න හිටියනෙ"
ටීවි එකේ නිව්ස් බලන ගමන් තේකත් බිබීම මම සීයට විස්තර කිව්වා. ගෙදර දැක්කම හිතට දැනුන සැනසීම වගේමයි කලින් ඈතින් කවිත්ව දැක්කම හිතට දැනුනෙත්.. එයා ඇවිල්ලා ආයේ හිතන්නෙවත් නැතුව බදාගත්තම ගෙදර යන්නෙ කොහොමද කියලවත් නොදැන වුනත් හිතට මාර නිදහසක් දැනුනේ..
![](https://img.wattpad.com/cover/369020305-288-k310161.jpg)
YOU ARE READING
WATERMELON | COMPLETE
Romanceඒ වෙලාව....... මං හිතන්නේ මැයි මාර ප්රසංගයේ කියන ' විශ්වයේ විශේෂ අවස්ථා කිහිපයෙන් එකක් ' වුනා.. වැරැද්දක් වෙලා සමාව ගන්න බය පොඩි එකෙක් ගේ මූණක් මට පේනකොට මට මොනවගේ මූණක් ද තිබුනේ කියලා මට විශ්වාසයෙක් කියන්න බෑ.... සමහර විට මට ඒ තත්පරයේ දෙකේ හුස්ම න...