07 කොටස

47 10 5
                                    


පල්ලෙහා ගම පැත්තේ ඉදලා කඨින පෙලහැර එනවා පෙනෙද්දි මාත් කවිතුයි ගෙදර ඉදලා පන්සලට දිව්වා..ඒ ගමන කඨිනේ වඩිනවා කියන පණිවිඩෙත් හම්බවුන  නිසා පන්සලේ කට්ටියට ලකලෑස්ති වුනේ ඉතුරු වැඩවලට.. ගියපු ගමන් ගිනුක වගේම ගිනුකගේ යාලුවෙකුත් අපි දෙන්නට බාර දීලා තිබුන හින්දා කවිත් නම් මූණ දෙක කරගෙන හිටියේ..

"නෙවාන්.. පොඩ්ඩක් එන්නකො"

"යන්න එපා කොහෙවත්.. මං එන්නම්"

පොඩි හාමුදුරුවෝ එයාගේ කුටියෙන් එළියට ඇවිත් මට කතාකරාම මං ගාව හිටිය ගිනුකවත් කවිත් ටම බාරදීලා මං කුටිය ඇතුලට ආවා..  පිරිකර වගයක කවර වලට  සෙලෝටේප් වගයක් ගහන්න කතාකරලා තියෙන්නේ.. පොඩි හාමුදුරුවෝ කියන්නේ උන් වහන්සෙ මගෙ වයසමයි , ඒ හින්දා හිතවත්කමත් වැඩියි..

"ඇයි එන්න කිව්වේ"

"පිරිකර වල කවර ලිහිලා..දැන් හරි..පෙරහැර එනවා නේද"

"මෙයාලා පින්කම වෙලාවෙම අපිත් එක්කද ඉන්නේ"

මං කවිත්ගේ මූණ දිහා බැලුවා..එයා මේ පොඩි දෙන්නව දෙකට නවල කොහෙහරි හංගන්න හිතෙන මූනකින් මං දිහා බලාන ඉන්නෙත් .

"බලමුකො.. අම්මා කෙනෙක් ආවොත් එයාලා යයි.. පිටිපස්සට වෙලා ඉමු දැන් සෙනඟ එනවා"

පොඩි ඈයො සුදු සරම් කමිස ළමා සාරි ඇඳගෙන පෙරහැරේ ඉස්සහරින් එන්නේ පොඩි සේසත් , මල් වට්ටි . පැපොල් වලින් හදපු සැරසිලිත් උස්සගෙනමයි.. කඨිනෙත් වඩිනවා..සාධුකාර පිරිලා... මේ දේවල් දැනගෙනමද මන්දා බැහැගෙන යන ඉර එළියෙන් මුලු පන්සලට රන් පාට වෙලා ගිහින්..

"ගිනුක . පුතා එන්න අම්මි ළඟට.. නුවන් එන්න ඔයත්..අයියලා දෙන්න එහෙ මෙහෙ යයි දැන්.."

මට කෙළින්ම බැලුනේ කවිත්ගේ මූණ.. මං බලපු ගමන් අහකබලන් වුනත් ඒ මූණට ආව හිනාව දැක්කම මටත් හිනාගියා..  ඒත් කෙලින්ම මං දැක්කේ මං දිහා බලාන ඉන්න පොඩි හාමුදුරුවෝ වුනාම මගෙ හිනාව නිකන්ම මැකිලා ගියා..

පහළ ඉදල පෝළිමට මල් ගිලන් පස පහන් පූජාව කෙරීගෙන යනකොටත් අපි ඒවට උදව් කරන්න පෝලිමේ මුල් හරියෙමයි හිටියේ.. සීයා එහෙම උඩ බුදුමැදුරේ.. ඒ පූජාව ඉවර වෙලා ඔක්කොමලම බණ අහන්න තියෙන තියෙන තැන් වල වාඩිවුනා.. මාත් කවිත් එක්ක බෝධිය ගාවින් මෙහාට වෙන්න හේත්තු වෙන තැනකම වාඩි වුනා...

WATERMELON | COMPLETEWhere stories live. Discover now