04 කොටස

47 9 3
                                    


"දැන් කාලේ විභාග වලටත් පුදුම තරඟයක් නේ තියෙන්නෙ..කැම්පස් යන්න ඕනෙම සෙට් එක දත කාගෙන පාඩම් කරනවා ඒ ගොල්ලෝ අතරෙයි තරඟේ වැඩි..එහෙම පාඩම් කරලත් යන්න බැරි අය ඉන්නවා නේ ඒ අතරේ ඔය තරම් පාඩම් නොකරපු අයත් කැම්පස් යනවා.."

"ම්ම්..."

"කිසි උනන්දුවත් නැති අයත් ඉන්නවා..  ඉතින් ඔව්වා එහෙම වෙනස් කරන්න බෑ අපිට දෙයක් ලැබෙන්න තියෙනව නම් ඒ දේ ලැබෙයි කොහොමහරි නැද්ද පුතා"

මං හිනා වුනා.. 

පාන්දර බස් එකට නැග්ග වෙලාවේ ඉදලා ඉයෆෝන්ස් ගහගෙන පිසික්ස් නිකන් තියරි වගේ කොටසක්  අහ අහ ඉදලා මම ඒක ගලවලා බෑග් එකට දාගන්නවත් එක්කම එහා පැත්තේ වාඩි වෙලා හිටිය අඳුරන්නෙ නැති මාමා කෙනෙක් මාත් එක්ක හිනා වුනා... එයාට මාත් හිනා වුන හින්දා තමා ඔය කතාව ඇදිලා ආවේ.. බහින්න ළං වෙනකල්ම අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය ඔය ඔක්කොම ගැන ඒ මාමා දන්න දේවලුයි හිතන දේවලුයි කියව කියව ආවා...

නුවරට එනකොට හයයි... ක්ලාස් ළමයි තමා වැඩියෙන්ම ඉන්නේ.. ඉදල හිටල ඉස්කෝලේ ළමයිනුයි ස්පෝට්කිට්  ගහපු ළමයිනුයිත් ඉන්නවා.. වැඩියෙන්ම හම්බෙන්නේ ඉතින් ජොගින් කරන සුද්දො...  නුවර තියෙන වයිබ් එක නම් ඇත්තමයි මාරයි.. හෙන ආසා හිතෙනවා..කොයිතරම් බලාන හිටියත් එපා වෙන්නෙත් නෑ...

 මං මේ ඒක විදින අවසාන දවස් දෙකෙන් පළවෙනි දවසනේ.. 

උසස් පෙළ ළමයෙක් විදිහට එක්කෝ ඉස්කෝලේ ළමයෙක් විදිහට ඉන්න අවසාන දවස් කිහිපය.. අනිත් ළමයි එක්ක බැලුවාම මට ලස්සන අංගසම්පූර්ණ ළමාකාලයක් නම් තිබුනේ නෑ..ඒත් තිබුන එකේ මං වැරැද්දක් කියන්නේ නෑ.. උදේ අර අන්කල් කිව්වා වගේ  ලැබෙන්න තියෙන දේවල් වෙන්න ඇති ඒ හැමදේම.. 

මට ශිෂ්‍යත්වෙට දුන්න කඩයිම් ළකුණට වඩා ළකුණක් අඩු වුනා.. එතනින් පස්සේ හය හත වාර විභාග වලට ලකුනු හැත්තෑවක් අසූවක් ගන්න දඟලන කොට මං හිතුවේ ඒවා තමා අමාරුම විභාග කියලා.. පස්සේ සාමාන්‍ය පෙළට එනකොට අරව මොනවද හිතිලා සාමාන්‍ය පෙළ තමා අමාරුම හිතුනා.. දැන් සාමාන්‍ය පෙළ මොනවද උසස් පෙළ තමා අමාරුම හිතෙනවා.. තව ටික කාලෙකින් මේකත් මොකද්ද හිතෙයි එහෙම ගියොතින්...

WATERMELON | COMPLETEWhere stories live. Discover now