08 කොටස

39 11 4
                                    

තේරෙන කාලේ ඉදලම "ආදරේ" ගැන කතාවෙනකොට අම්මව තාත්තව මතක් වෙච්ච මට එක පාරම ආදරේ කියන වචනේ හිතෙනකොට ප්‍රේමය මතක් වුනා.. කොයිතරම් ප්‍රේම කතා කියවලා බලලා ඉස්කෝලේ යාළුවෝ අතරේ දැකලා තිබුනත් මටත් ප්‍රේමයක් ඕනෙ කියලා මං ඒ කිසිම වෙලාවක හිතුවේ නැත්තේ මට අනුව ආදරය තිබුනේ අම්මා ගාව හරි තාත්තා ගාව හරි කියලා මං හිතපු හින්දා වෙන්න ඇති...

පහුගිය කාලෙම මට තනිකම දැනුනා... සෑහෙන්න... වැළඳගැනීම් හෙනට ඕනෙ වුනා.. දෙමව්පිය රැස්වීම් වලට අනිත් අයගේ අම්මා හරි තාත්තා හරි එනකොට මට ගොඩක් දුක හිතුනා... ඒත් ටික වෙලාවකට විතරයි.. මං දන්නේම නැතුව ඒ දුක මගෙන් නැති වෙලා ගිහින් තිබුනා.. 

ළමා නිවාසේ ඉන්නකොට රෑට පොඩි අය එනවා තනියි කියල මං ගාව නිදාගන්න.. මාත් පොඩි කාලේ අයියලා ගාව හරි යාලුවෝ එක්ක හරි නිදාගෙන තියෙනවා..ප්‍රශා නැන්දා ගාව නිදාගෙන තියෙනවා.. මට වයස පහේදි විතර මට මුළින්ම ප්‍රශා නැන්දාගෙන්ම වැළඳගැනීමක තිබුන උණුහුම වින්දාම එදා ඉදලා කලාතුරකින් හම්බවෙන වැළඳගැනීම් වලට මං පුදුම විදිහට ආදරේ කරා..

ඒ වගේම මගේ මුල්ම හාදුව , රැවුල් කොටයක් වත් නැති මූණකින් සීයා නළලට දුන්න එකත්....එදා ඉදලා සීයා ආදරේ ප්‍රකාශ කරන්න සැරෙන් සැරේ නළලට දෙන හාදුවලටත් මං පුදුම විදිහට ආදරේ කරා...

සීයාගෙන් මට ආදරේකට වඩා ලැබෙන්නේ සෙනෙහසක්....

එතකොට ආදරේ කරන්නේ කොහොමද..මං හැමදාම හිතුවේ ආදරයක් ලබන්න මිසක් ආදරේ කරන්න නෙවෙයි.. එහෙම එකේ මට ආදරේ කරන්න බය හිතුනා..ඒ සිතුවිල්ල මගේ හිතේ ඇඳුනේ මුහුද බලන්න යන්න මං නුවර ඉදලම අමුඩයක් විතරක් ඇඳගෙන බස් එකේ යනවා වගේ..

"අයියා... දුනිත් අයියා"

"ම්ම්.."

"ඒ... නැගිටින්නකො...."

"ම්ම් ..."

"එළිවෙලා... නැගිටින්න..."

මං ඇස් ඇරියා... මං හිටියේ මහා ලැජ්ජාවක... අමුඩයක් ඇඳගෙන බස් එකේ යනවා...!! දෙයියනේ ඒක හීනයක් වුන එක කොච්චර හොඳද..නැගිටලා සිහිය ආවාමයි මං දැක්කේ මාව එහෙට මෙහෙට තල්ලු කරලා ඇහැරවපු  දැන් නැගිට්ට කවිත් ව.

WATERMELON | COMPLETEWhere stories live. Discover now