11 කොටස

37 9 1
                                    


සීයා හදපු තේ එකත් බීලා සීයා එක්ක ඇඟ හෝදගත්ත ගියපු කවිත් එනකල් මං අපි දෙන්න තුන්දෙනාගේ කෝප්ප තුන හේදුවා.. සීයා කවිත් ගේ කෑමපෙට්ටියයි වතුර බෝතලෙයිත් හෝදලා.. එයාලගෙ ඉස්කෝලෙට ලන්ශීට් වල කෑම ගෙන්න දෙන්නෙ නැතුව ඇති . නැත්තන් කෑම පෙට්ටි අරන් යයිද, මං සෑහෙන කාලෙකින් කෑම පෙට්ටියක් ඉස්කෝලෙට අරන් ගිහින් නෑ...

"ගිහින් අයියගෙ නිකන් කලිසමකුයි කමිසෙකුයි දාගන්න.. පුතා..සාරන්‍යා"

"ඕ..."

"බෙහෙත් දාන්න පුලුවන් නේද ඔයාට"

"ඔව් සීයා..ඔලුවෙ ලොකුවට නෑ නෙ තුවාල වෙලා"

"නෑ සීරීමක් වගේ තියෙන්නේ .. බෙතඩින් දාන්න සර්ජිකල් කලවන් එක"

කවිත් කාමරේට ගිය අතරේ සීයා අවසාන ටික රහසින් කිව්වෙ...ඒක සැර නෑ... ඒත් සර්ජිකල් කියන්නෙ සැර දෙයක් හින්දා ඕක කවිත්ට ඇහුනොත් මෙතන යුද්ධ ප්‍රකාශ කරයි.

"කවිත් මං එන්නද"

"ම්ම්"

"මොකද... තිබ්බට වඩා මූණ එල්ලිලා"

"සීයා සැරද"

"ඇයි.. බැන්නද . ඇඳේ වාඩි වෙන්න බෙහෙත් දාන්න"

"නෑ..තරහෙන්ද ඉන්නේ"

"නෑ ඇයි.."

"එහෙමනෙ කතාකරේ"

"අපෙ සීයා ??... නෑ අනේ... සීයා එහෙම බනින්නෙ නෑ... "

"ඔයා මට මොනාහරි හංගනවද"

"මම ?? මොනාද.. නෑ..ඇයි... දැන් සීයා මොනවද කිව්වේ"

"මොකුත් නෑ.."

"එහෙනම් වාඩි වෙන්න..සීයා තරහෙන් නෙවෙයි ඉන්නේ..අන්න ඔයාගේ කෑම පෙට්ටියත් හෝදලා දාලා"

ඔලුවේ ඉදලා හෙමීට බෙහෙත් දාගෙන දාගෙන එනගමන් කවිත් දාහක් දේවල් අහනවා... මං හංගන්නේ ඉන්නෙ මේකේ බෙතඩින් එක්ක සර්ජිකර් තියෙනව කියල විතරයි.. පොඩ්ඩක් දනව ඇති ඒකනේ ගැස්සෙන්නේ.. කරන්න දෙයක් නෑ ඉතින්... ඒකරලා තෙමිච්ච කොණ්ඩෙත් පිහලා දැම්මා...

"පුතා... මේ ඔයාගේ බෑග් එකේ පොත් තෙමිලා එළියෙන් දාන්නද වේලෙන්න.."

WATERMELON | COMPLETEWhere stories live. Discover now