01 කොටස

123 16 9
                                    

වැස්ස හෝ නැතා උදේට තියෙන පින්නත් එක්ක හැමදාම මං හතරට වගේ නැගිටින්නේ සද්ද බද්ද නැතුව පාඩම් කරන්න කියලා හිතාගෙනමයි.. එළි වුනාය කියන්න පාරෙනුත් පල්ලෙහා ගෙදරක කුකුල්ලු ටික පාන්දර තුන පහුවෙච්ච වෙලේ ඉදලා කෑගහන්වා.. ඒවට නම් දැන් නැගිට්ටෙන්නෙ නෑ ඒත් මගෙ මේස ඔරලෝසුවේ එලාම් එකට නම්  නැගිට්ටෙනවා..

"කෝපි දැම්මා ඔන්න අදත්.. හෙම්බිරිස්සාවක් නෑ නේ "

"නෑ නෑ සීයා..පොඩ්ඩක් හොටු වගේ.. බොන්නම් මේක"

"ලබන මාසේ මුල් දවස් ටිකෙන් පස්සේ මේ වෙලාවට හොඳට නිදි නේ.. මම බිස්කට් එකක් වත් ගෙනාවේ නෑ  ඕවා කෑවම සමහරු උදේට කන්නේ එකොළහට දොළහට නේ"

"ඇත්ත ඇත්ත ඔය සමහරු කොච්....චර කිව්වත් හැදෙන්නෙ නෑ නේ.. අහන්නකො අද ලියුම් බෙදන්න යන්න ඕනේ"

" ගිහින් එන්න හෙල්මට් එක දාන් යන්න ඕනේ හරිද..ඕක බීලා වැඩක් කරගන්න මං නිදාගන්න යන්නම් නේ"

"ඔව් යන්න සීයා.. සීතලයි ත් එක්ක අද"

එහෙම කියලා දුම් දාන කිරිකෝපි එකත් මේසේ ඉඩක් හොයාගෙන තියලා ඒකත් බොන ගමන් ම පාඩම් කරන වැඩෙත් කරගෙන ගියා..මට ක්ලාස් නැති දවසට සීයා එහෙම නැත්නම් රත්නායක සර් මේ තරම් උදේයින් නැගිටලා උයලා වැඩක් නෑ  , හැබැයි සීයට උයන්න සෑහෙන වෙලාවක් යනවා.. හෙමීට එළවලු කප කපා හෝද හෝද හෙන ලස්සනට පිළීවෙළට තනියම උයන්න සීයා මාරම ආසයි..උදේ හයට විතර නැගිට්ටම යන්තන් හතාමාර අට වගේ වෙනකොට අපිට උදේට කන්න පුලුවන්.

නවයාමාරේ සීටීබි එක එනවා අහන් හිටිය මං එළියෙ බිත්තියට හේත්තු කරලා තිබ්බ බයිසිලකේට නැග්ගේ සීයා කිව්ව විදිහට හෙල්මට් එකත් දාගෙන.. මේක ෆුට්සයිකලයක්.. එහෙම කියල නෑ කොයිතරම් වැඩ්ඩෙක් වුනත් මම මේකෙන් වැඩිලා ඔලුව පලාගෙන කකුලකුත් නොන්ඩි ගහ ගහ මාසයක් විතර බෙහෙත් කරපු හින්දා සීයා ආරක්ශාවක් එක්කමයි මට පදින්න දෙන්නේ.

"නෙවාන් අනේ කොල්ලා ෆැක්ස් එක බලන්නකො මම ලියුම් ලෑස්ති කරල දෙන්නම්"

තැපැල් නෝනා ගෑනු කෙනෙක් , එයා හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ.. මොකද පණිවිඩ හුවමාරු රාජකාරිය අකුරටම කරනවා වගේ  පුදුම ඕපාදුපයක්.. ඔය දැන් ලියුම් බලන්නෙත් ගමේ අයට දන්න කියන අයට එහෙම ආව ලියුම් මොනාද බලන්න.. ඕනෙ එකක් කරගන්න කියල මම දුන්න වැඩේ කරා.. නවයාමාර බස් එකෙ තමා මාතලේ ඉදලා ලියුම් එන්නේ, කිව්වට විශ්වාස කරන්න ඔය බස් එකේ තමා මගෙ ඉස්කෝලේ සමහර ගුරුවරුත් එන්නේ.

WATERMELON | COMPLETEWhere stories live. Discover now