"අම්මෝ නෙවාන් අයියේ.. ඔයාව දැක්ක කල්..කොහෙ ගිහින් ද එන්නෙ මේ"
"ආවේ නෑ නේ මේ පැත්තේ..අද නුවර ගියා. කෝ කවිත් ආවෙ නෑ ?"
"එයා එනකොට තුනට පහක් විතර වෙනවා අයියා.. වාඩි වෙන්න එන්න..ඒ බං නැගිටපන්කො"
"එපා එපා ඔයාලා ඉන්න"
"පිස්සුද අයියෙ.වාඩි වෙන්න මෙතන"
මට සීට් එක දෙන්න නැගිට්ට කොල්ලව එහෙමම වාඩිකරවලා මම දොරට හේත්තු වුනා. එයාලා අහන ඒවටත් හූමිටි තිය තියා මං බලාන හිටිය් කවිත් එනකල්. වේගෙන් ඇවිල්ල හෝල්ට් එකට දාපු බස් එකේ දොරේ ඉදල ලොක්කෙක් වගේ බැස්ස කවිත් තදය වගේ ඇඟේ ගාන යුනිෆෝම් එකකුත් ඇදගෙන කෙලින්ම ආවෙ මේ බස් එකේ පිටිපස්ස දොර ගාවට.. දොර ගාවට හරස් වෙච්ච මගෙ දිහා බලන්නෙ නැතුවම එක්ස්කියුම් මී කියලා ආයේ මම එහාට වුනේ නැති හින්දා පහළ පඩියක ඉදලා රවල වගේ මගෙ මූණ දිහා බැලුවත් ඒ දැක්ක ගමන් එයාගේ මූණට හෙන ලස්සන හිනාවක් ආවේ.
"ඔයා කීයටද ආවේ."
"දැන් ටිකක් වෙලා තමා.."
"මේ වෙලාවට එනව කිව්වෙ නෑ නේ..ඉසල් එක්ක නෙ ගියේ"
"එයා කොළඹ ගිය බඩු වගයක් ඇවිල්ලා.. මං ගෙදර එන්න ආවා.එයා එනකොට රෑ වෙයි "
"ඒක හොඳයි.. "
"උඩට එන්න"
"හලෝ මචාන්...මේන් උඹෙ අයියණ්ඩි ගෙයින් එළියට බැහැලා."
කවිත් එයාලට හිනාවෙලා ශේප් එකේ මගෙ ඇඟට හේත්තුවෙලා එහාට වුනා.. කවිත් ට නම් එයාලා එක්ක කියවන්න සෑහෙන දේවල් තිබ්බ , වැඩියෙන්ම ඉස්කෝලේ සිලබස් එකට බැනපු ඒවා..
"ආ අයියේ වාඩි වෙන්න මං මුගෙ ඔඩොක්කෙට එන්නම්"
"කවිත් උඹ වරෙන් මගෙ ඔඩොක්කට..ශේප් නේ .. "
"එයා මං ගාවට එයි"
"හා එහෙනම්.."
පිටිපස්සෙම සීට් එකේ දොර ගාව මුල්ලෙ හිටිය මල්ලි නැගිටලා මට වාඩි වෙන්න දුන්නම මම කවිත්ව මගෙ ඔඩොක්කුවට ගත්තා.ඉදගත්තෙ නැද්ද තියෙන බර ඔක්කොම දීලා..එයා බෑග් එකත් ඔඩොක්කුවේ තියාගෙන හරහට වාඩි වෙලා අනිත් කොල්ලො එක්ක කතාව පටන් ගත්ත එකේ මං පිටිපස්සෙන් අත දාලා එයාව අල්ලගත්තා..ඒ ඉන්න විදිහට බ්රේක් එකක් වත් ගැහුවොත් කෙලින්ම බිම නැත්තන්..
![](https://img.wattpad.com/cover/369020305-288-k310161.jpg)
YOU ARE READING
WATERMELON | COMPLETE
Romanceඒ වෙලාව....... මං හිතන්නේ මැයි මාර ප්රසංගයේ කියන ' විශ්වයේ විශේෂ අවස්ථා කිහිපයෙන් එකක් ' වුනා.. වැරැද්දක් වෙලා සමාව ගන්න බය පොඩි එකෙක් ගේ මූණක් මට පේනකොට මට මොනවගේ මූණක් ද තිබුනේ කියලා මට විශ්වාසයෙක් කියන්න බෑ.... සමහර විට මට ඒ තත්පරයේ දෙකේ හුස්ම න...