15 කොටස

31 9 5
                                    


සුරු සුරු ගගා තිබුන රේඩියෝ එකේ සද්දේ පොඩ්ඩක්  වැඩි කරලා මං ඇවිත් ඉස්සරහා සීයගේ හාන්සි පුටුවෙන් වාඩි වුනා.. රේඩියෝ එකේ අය ඊළඟ සිංදුවට කට්ටිය එකතු කරගන්නවා... මගේ හිතට නම් මොනවා එකතු වෙනවද මන්දා මේ ටිකේ... 

කවිත් කවිත් කවිත් කවිත්..... 

එක පොඩි වෙලාවක් වත් නොහිතා ඉන්න බැරි කෙනෙක් වුනාම මට තේරෙන්නෙ නෑ මට දැනෙන හැඟීම මොකද්ද කියලා.. මං කියන්නේ ආදරේ ගැන නෙවෙයි ... මට දැනෙන සතුට ද කික් එකද ඒ මොකද්ද කියල මට හිතාගන්න බෑ.. නිකන්ම මගෙ මූණට හිනාවක් එනවා.. 

කවිත් හිනාවෙන්නේ ඉදල හිටලා ඒකෙනුත් උපරිමේට හිනා වෙන වෙලාවල් කියන්නේ සෑහෙන ලස්සන වෙලාවල්.. හිනාවෙනකොට ඒ ඇස් දෙකම හීනි වෙලා යන විදිහ.. අම්මෝ මට බෑ චප්ප කරලා දාන්න හිතෙනවා....

මං ගිනුකට ආදරෙයි කිව්ව හින්දා ගිනුක කවිත් එක්ක තියෙන තරහවල් අයින් කරලා දාලා තියෙද්දි එදා දවස ඉවර වුණේ මං උත්තර නොදීම උත්තරයක් හොයාගත්ත කවිත් එක්ක රෑ වෙනකල් ඉදලා.. අපි තුන් දෙනාම එකතු වෙලා තේ වත්තට ගිහින් අල්ලන සෙල්ලන් කරා, ඒ යනකොට කෙහෙල් කොළ වලට බත් ඔතාන ගිහින් ගලේ වාඩි වෙලා ඒක කාලා ගෙදර ඇවිල්ලා එළියෙන් නෑවා.. 

අන්තිමේට සීයා ආවම අපි හතර දෙනාම එකතු වෙලා බුදුන් වැන්දා...

ලස්සන දවසක්...!!

ආයේ ගිනුක අපෙ ගෙදර ආවත් දවසක් දෙකක් බැරිවෙච්ච ඒවටත් එක්ක ඉස්කෝලේ යන්න වෙච්ච කවිත් නම් තවම හම්බුනෙ නෑ..අනික එයාලට වාර විභාග තිබුනා.. ඒත් එයා බොරුවට කෝල් එකක් ගන්නවා එක්කො රෑ වෙලා මැසේජ් එකක් දානවා ඒ දේවල් හින්දා එයා හොඳින් ඉන්නෙ කියලා මං දැනගත්තා..

"මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න
හිත ඇතුලේ ආදරය සගවාගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලගට වී ඔබටම අත දෙන්න...."

රේඩියෝ එකේ ඒ වචන ටික ඇහුනම මම ගැස්සුනත් අමුතු කෝලකමක් ඇවිල්ලා මම හිතලම ඇස් පියාන ඒ වචන මුමුණන්න ගත්තා..  ආදරේ .....

"හිරු යනවා අවරට ම කලුවරට හුරු වෙන්න
සඳට පුලුවනි අඹරටම දිදුලන එළියක් වෙන්න
තිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැකගන්න
ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න...."

WATERMELON | COMPLETEWhere stories live. Discover now