02 කොටස

69 10 2
                                    


"ඉස්කෝල ඇරෙන්න කලින් එන්න බලන්න ඕනෙ අප්ප.. ට්‍රැෆික් එකට අහුවුනාම බෑ නැත්තන්"

"එහෙම වෙලා ගියොත් පුතේ දෙක පහුවෙල වගේ නුවරින් එන්න.තුනේ බස් එකටනම් එන්න බැරිවෙයි.. බලන්නකො "

"ඔව්... ගිහින් එන්නම් සීයා..."

අද දොළහමාරට ක්ලාස් ඉවර වුනාම ක්ලාස් එකේ සර් ගේ උපන්දිනේ සමරනව කියලා කට්ටිය මැසේජ් දාලා තිබුනා. ඕක ඕනෙ නම් පැය භාගයක් විතර තියේවි . ඒත් ඒ පැය භාගෙට මං වේලෙන්න ඕනෙ පැයක් දෙකක් බස් නැතුව.. යාලුවෝ ම කියද්දි හැමදාම පැනල එන්නත් බෑ නේ..

වෙලාව ආවම මොනාහරි කරනව හිතාගෙන සීයටත් වැදල මං පහයි හතළිස්පහේ බස් එකට එන්න ටවුන් එකට ආවා.. ක්ලාස් එකට යන අය ගමෙන් නැති වුනාට වත්තේගමින් එහෙම මේ බස් එකට නගිනවා.. වෙනදට එන්නෙ නැති ළමයෙක් ඈතින් එනවා දැකලා මං ඒ දිහත් බලලා අහක බලලා ආයෙම බැලුවෙ මේ එන්නෙ කවිත් කියල මතක් වෙලා.. නිල ඇඳුමටනම් එයාගේ පොඩ්ඩක් ලොකු පෙනුමක් පේනවා..

"පුතේ ගුඩ්මෝනින්.. පුතාට ක්ලාස් ද"

කවිත් හිනාවීගෙන ආවට කතාකරේ ග්‍රාමසේවක මහත්තයා.. එයා ආදරණීය පෙනුමක් තිබුන තාත්තා කෙනෙක් වගේ..

"ගුඩ්මෝනින් මාමා ඔව් ක්ලාස්.. "

"නුවරටම යනවද  පුතේ ඔයා"

"ඔව් මාමා.. "

"ආ මේ අයියා ඉන්නව නේ නින්ද ගියොත් එහෙනම්.. අනේ පුතා පොඩ්ඩක් කටුගස්තොටින් මෙයාව බලනවද... පැයක් එකාමාරක් යන එකේ නින්ද වත් යයි."

"හරි මාමා.. ඒක ප්‍රශ්නයක් නෑ.."

එහෙම කියනවත් එක්කම අපිට එහායින් තිබ්බ සීටීබි බස් එක ස්ටාට් කරා.. ස්ටාට් කරලා දොරවල් ඇරියට සාමාන්‍යෙන් නඟින්න ඕනේ ලයිට් දැම්මම...

"පුතේ ඔයාට හවසට ක්ලාස් ඉවර වෙන්නෙ කීයටද"

"දොලහාමාරට විතර මාමා අද නම් එක වගේ වෙයි"

"එහෙනම් බෑ නේ... මං එන්නද වත්තේගමට මෑන් "

"එපා අනේ.. මට පුළුවන්.. මොකක් හරි වුනොත් කෝල් එකක් දෙන්නම් කාගෙන් හරි"

WATERMELON | COMPLETEWhere stories live. Discover now