03 කොටස

58 8 1
                                    


"නෙවාන් අයියේ"

"හලෝ... ගිනුක... ඔයා එනවා කියලා සීයා කිව්වා නේ.. එන්න එන්න"

මං ඉස්කෝලේ ඇරිලා ආවා විතරයි පොඩි පොදක් ගිහින් ඇතුළට ගත්ත රෙදි ආයේ අව්වක් වැටුන හින්දා දාන අතරෙයි මේ ගිනුක පොඩි මෑන් අපෙ ගෙදරට ආවේ.. එයා ඉන්නෙ තුන වසරේ.. අම්මයි තාත්තයි මේ ටවුමේ කඩයක් කරන හින්දා පොඩි කොල්ලා මං ගෙදර ඉන්න දවසට ඉස්කෝලේ එහෙම ගිහින් මෙහෙට ඇවිත් හවස තාත්තා ඇවිත් ගෙදර එක්කන් යනවා..

"කොහොමද ෆිල්ම් එක"

"නෙවාන් අයියා ඒ සිංදුව ලස්සනයි නේ..දඩිං බිඩිං ඩොන් මෝඩ චූන්.."

"කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්"

"ඔව්ව්... ඇයි ඔයා කලින් ආවේ.."

"කලින් කොහෙද අනේ මං දැන් ටිකක් වෙලා ඇවිල්ලා.. යං ඇතුලට.. ඔයා බත් කනවද තේ බොනවද.. "

"අම්මා කිව්වා පුලුවන් නම් නාන්න කියලා රෑ වෙන්න කලින්"

"ඔව් අම්ම මටත් කිව්වා..තුන හමාරත් පසු වෙලා දැන්ම එහෙනම් නාලා ඉමු.. මේ බිස්කට් කන්නකො මං තුවාය අරන් එන්නම් ඔයාගේ"

"එළියෙන් නාමු"

ඇතුළේ නාන්න පුලුවන් වුනත් මේ කොල්ලා ආවම එළියෙ තියෙන ටැංකියෙන් නාන්න ඕනේ එයාට.. ඒකෙම වතුර නාන කාමරේට ආවත් එළියෙ වතුර වල මොකද්දො සනීපයක් තියෙනවා.. මෙයා නාවනව කියන්නෙ මං නිකන්ම නෑවෙනවා..

"එබෙන්න එපා ඈ.. දැකලා නැති එකක්ද දැන්"

"වැටෙන්නෙ නෑ අනේ .. ඇයි මේක පහළින් බැන්දේ"

"සීයගෙන් අහන්න ඒක.. පහළවක් නාන්නකො ආ කප් එක"

ලොකු බාල්දියට වතුර පුරවලා ගිනුකගෙ අතට පොඩි කප් එකකුත් දීලා මං පොඩ්ඩක් එහාට වුනා.

"ඔලුවට වැටෙන්නෙ නෑ නේ ළමයා"

"අනේ ඉතින්"

"අනේ ඉතින් නෙවෙයි ලෙඩක් හදාගන්න "

"දාහතරයි ..පහල්..ලවයි..හම්බෝ මහන්සියි"

ගිනුක නාන්නේ තිහයි.. තිස් එකක් නෑවොත් මෙයාට හෙම්බිරිස්සාව හැදෙනවා.. ඉස්කෝලේ අයිස්ක්‍රීම් දුන්න ඒවයි වොලිබෝල් ගැහුව ඒවයි ගෑනු ළමයින්ගේ විකාරයි ඔක්කොම කියනකල් මං එයාගේ මිලිමීටර දෙකක් විතර දිග කොණ්ඩෙ එහෙමත් ෂැම්පු දාලා හෝදලා ඇඟත් ඇතිල්ලුවා..

WATERMELON | COMPLETEWhere stories live. Discover now