24 කොටස

30 8 0
                                    

කරදර බාධක සේරම එක්කන් මම තෝරගතත ඩිග්‍රී එක මටම එපා වෙලා ඒත් ඉවසලා යන්තන් අවුරුදු පහක් ඉවර වුනා.. අන්තිම අවුරුද්දේ ගෙදර ගියේ අතේ ඇඟිලි ගානටත් අඩු දවස් කිහිපයක් වෙන්න ඇති...සීයාට උණ හැදිලා මම එතන සතියක් විතරම ගෙදර නතර වෙලා හිටියා...ඒක තමා අවසානෙටම මම ගෙදර ගිය දවස් ටික..

කවිත් ගැන කිව්වෝතින් එයා දැන් නීතී ශිෂ්‍යයෙක්.. එයාට A2 B1 රිසාල්ට් එකක් ඇවිල්ලා zscore එකට අනුව එයාට ලෝ කරන්න පුළුවන් වුනා...බී එක තියෙන්නේ ඉන්ග්ලිශ් වලටනේ.... ඉතින් දැන් එයා කොළඹ නීති පීඨයේ ඉගෙන ගන්නව.. මට නිවාඩු තියෙනකොට එයාට නිවාඩු නෑ එයාට නිවාඩු තියෙනකොට මට නිවාඩු නෑ..

ගිනුක මල්ලිවත් දැක්ක කාලයක් මතක නෑ.. කොහොමත් එයා ශිෂ්‍යත්වේ පාස් වෙලා කවිත් ගේ ඉස්කෝලෙටම ගිහින් ඩඒ දෙන්නා නම් හොඳම යාලුවෝ වෙලා නේ...

පරිණත කවිත් කියන්නේ ළඟට ආවම ආයේ යන්න දෙන්න ලෝභ හිතෙන කෙනෙක් වෙලා.... උස ගිහින් ඇඟ හදාගෙන පිළිවෙලට කොන්ඩේ හදාගෙන අපි දෙන්නම සීයාට කියාලා කනකුත් විදගෙන නේ ඉන්නේ... "කොල්ලො කාලේ ඔව්ව නොකර කොහොමද මෙහෙ එන්න මං විදින්නම් " කියලා සීයා අපි දෙන්නගෙම කන් දෙකත් විදලා දුන්නා...

කවිත් කොළඹට වෙලා ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි එයාව මුළුමනින්ම හදාගන්නවා...

මේ අවුරුදු පහ ඇතුළේ අපි පොත පතේ දැනුම විතරක් නෙවෙයි , ඒ පිටින් ගියපු සෑහෙන දැනුම් ගොඩක් ගත්තා.. පොතේම ඇලිලා හිටිය අය නොහිටියාම නෙවෙයි.. අන්න ඒක අනිත් කාරණාව , අපිට විවිධාකාර ආකල්ප වල මිනිස්සු හම්බුනා... හැම හැඟීමක් ම විඳින්න අවස්ථාව හම්බුනා.. ට්‍රිප් ගියා , හොර වැඩ කරා , බැනුම් ඇහුව.. දුක හිතෙන දේවල් ඒ වෙලාවට මහා දුකක් ඒත් පස්සේ ඒවා ආයේ දුකක් විදිහට දැනුනෙ නැති තරම් .....ඒත් සතුටු හිතෙන දේවයි කවදා කොයි වෙලාවේ මතක් කරත් හිනාවක් මූණට එනවා....

"හල්ලෝ...."

"හායි..."

"කොයි වෙලාවෙද ආවේ"

"මම ඔන්ටයිම් ආවා හරිද.. සීයා ගියා කෝල් එකක් ඇවිල්ලා අපෙ අප්පච්චිගෙන්"

WATERMELON | COMPLETEWhere stories live. Discover now