-Chapter 02-
"මොකා ගෙදර"
"ඔව් දුව ගෙදර...ඔයාගෙ ගෙදර කොහෙද? මම ගිහින් දාන්නම්..."
අනේ දෙයියනේ...ගෙදර...මට බෑ ආයෙ ඒ අපායට යන්න.මට බෑ...
"ආ...මේ...මම...😐"
"හරි දුව මට තේරෙනවා...අපි දැන් යමු අපේ ගෙදර...යන ගමන් මට විස්තරේ කියන්නකෝ...මම ඔයාගෙ අම්මා කියලා හිතාගන්නකෝ...එහම හොදයි නේද?එන්න යමු..."
මොකා මේ මොන මරාලයක්ද කඩා පාත් උනේ...😦දෙවියොත් මරු වැඩ තමා කරන්නේ...මම මෙහම යන එක හරිද?කවුද කියලා දන්නෙත් නැතුව.අනේ මන්දා!ඇන්ටිනම් කරුණාවන්ත පාටයි.sara දැන් මොකද ඔයා කරන්නෙ?
"ඇයි දුව...බය වෙන්න එපා...මටත් ඉන්නවා ඔයා වගේම දුවක්...ඔයාදැක්කාම එයාවමයි මතක් වෙන්නෙ...ඔයාට කිසි කරදරයක් වෙන්නෑ...එන්න යමු..."
කමක් නැ ඔන්න ඔහෙ යනවා.saro...😐ඔයාටත් වෙන්නෙ මරු වැඩ...car එකට නැගලා සිද්ද වෙච්ච හැමදේම කිව්වා😌.මට දැනුනෙ මම අම්මා ගාව ඉන්නවා වගේ😌.ඇන්ටිත් ඇඩුවද මන්දා...
"අනේ දරුවො ඔච්චර කල් ඔහොම හිටියා කිව්වමත් පුදුමයි....ඔයා කිසිදේකට බය වෙන්න එපා.ඔයා හැමදාම අපිත් එක්ක ඉන්න පුළුවන්...මමයි දුවයි විතරයි ගෙදර ඉන්නෙත්."
ඇන්ටි එහම කීවෙ ලස්සන හිනාවක් මට දීලා.ටික වෙලාවකට පස්සෙ ඇන්ටි car එක නැවැත්තුවා.මගෙ හාට් එක නැවතුනා වගේ උනා.
"දුව...අපි ගෙදරට ආවා...බහින්න දුව.බය වෙන්න එපා."
එතකොට තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ😮.මම හෙමීට car එකෙන් බැස්සා.ඔළුවත් ටිකක් රිදෙනවා.එකපාරටම මගෙ ඉස්සරහට කව්ද පැන්නා😑.මම ගැස්සිලා බැලුවෙ පැන්නෙ මොකාද කියලා.
"කව්ද ඔයා?කොහෙ ඉදලද ආවෙ?මොකටද ආවෙ?"
කව්රු නමුත් පිස්සු විකාරයක්.මම ඉතින් කට ඇරින්න හැදුවෙ අහපු එවට.හරි ගියේ නැ.ඇන්ටි පැන්නානෙ මැද්දට.
"අහකට වෙනවා යුන්ගි.ඔය කෙල්ලට වද නොදී.දුව මෙ මගෙ දුව.ගනන් ගන්න එපා මෙයාට පිස්සු."
"අම්මාාාාා...😤"
(මටත් ඒක තේරුනා.)"😄"
ESTÁS LEYENDO
Dream Lover✨[Completed]
Fanficමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)