Yeon
කාලය..... ඒක හරිම අමුතු දෙයක්. අපි දුකින් ඉන්න වෙලාවට, එහෙම නැත්නම් අපිට හැමදේම එපා වෙලා ඉන්න වෙලාවට ඒක හරිම මන්දගාමියි. එහෙම නැත්නම් එක තැනක නැවතිලා වගේ. ඒත් අපිට සතුටු හිතෙන වෙලාවට, මෙහෙමම කාලේ නැවතුනා නම් හොඳයි කියලා හිතෙන වෙලාවට කාලය හරිම ඉක්මනට ඉගිලිලා යනවා. නිකං අපිට එපා වුණු පීරියඩ් එකක වෙලාව ගත වෙනවා ගොඩක් හෙමින් කියලා තේරෙනවා. අපි සතුටින් ඉන්න ඉන්ටවල් එක වගේ වෙලාවට වෙලාව ගත වෙනවා දැනෙන්නේ වත් නෑ වගේ. දැන් කල්පනා කරනවද ඇයි මම මෙහෙම කියන්නෙ කියලා? ඇත්තම කිව්වොත් මමත් ඒක දන්නෙ නැහැ ඇත්තටම.
මේ ටික කාලෙට btsලා එහෙම නැත්නම් අපේ ඉස්කෝලේ ඉන්න ජනප්‍රියම කොල්ලො හය දෙනා මට ගොඩක් ලං වුනා. ඇත්තටම එයාලා මට ගොඩක් හොද වැඩිමහල් සහෝදර ටිකක් වුණා මට හොඳ පවුලක් වුණා. අනේ please.... chebleමේ පුංචි පවුල මගෙන් ඈත් කරන්න එපා. එහෙම උනොත් මට ඒක දරා ගන්න බැරි වෙයි. අවුරුදු 7කට පස්සේ මම ආපහු හිනාවෙන්න මෙයාලා හයදෙනා නිසා. එයාලා තමයි මගේ අඳුරෙන් පිරිලා තිබුණු ජීවිතයට එළිය අරන් ආපු angel හය දෙනා. විශේෂයෙන්ම taehyung. මට මොකක් හරි තද බැඳීමක් එයත් එක්ක තියෙනවා කියලා මට දැනෙනවා. ඒත් මම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා.
ඉස්කෝලේ වත්තෙ තිබුන තනිවුණු Cherry blossom ගහ දැන් රෝස පාටට හුරු රතු මල්වලින් පිරිලා. එයාටත් වසන්තය උදාවෙලා.හැම කොළයක් අතරම පිපිලා තිබුණු චූටි ලස්සන රතු මල් 18 අමුතුම ලස්සනක් ගෙනල්ල හරියට සිසිර සෘතුවක් වගේ තිබුණු මගේ ජීවිතයට වසන්තය වෙලා ආපු angelsලා හය දෙනා වගේ. ඒත් මට බයයි..... මට එයාලා හයදෙනා නැතිවෙයි කියලා බයයි. මේකත් අවදි උනාට පස්සේ නැතිවෙන හීනයක් වගේ වෙයි කියලා මට බයයි......ඔව් මම එයාලා 6දෙනාව නැති කරගන්න බයයි. මට බැහැ එයාලව නැති කරගන්න. අනේ දෙවියනේ..... ඔයාට මාව ඇහෙනවද? චෙබෙල්....මාව කවදාවත් මේ හීනෙන් ඇහැරවන්න එපා. මට හැමදාම මේ ලස්සන හීන එක්කම නිදාගන්න දෙන්න. මගෙන් මගේ සහෝදරයා හයදෙනාව ඈත් කරන්න එපා.
"ළමයි ඔයාලට අද අලුත් ළමයෙක් ඇවිල්ලා තියෙනවා"මම ගැස්සිලා ආපහු මේ ලෝකෙට ආවේ අපේ ක්ලාස් ටීචර් කටහඬට. අලුත් ළමයෙක්! ඒත් මට මොකටද ඒක? "ජන්ග්කුක් ඔයා ඔයාව ක්ලාස් එකේ යාලුවන්ට හඳුන්වලා දෙන්නේ නැද්ද?" මිස් අලුත් ළමයගෙන් ඇහුවා.
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanfictionSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...